විපක්ෂ නායකගේ මැදිහත්විමෙන් නගරාධිපතිගේ දඩිබිඩි විශේෂ මහ සභාව කල් දමන්නට වෙයි.

0
58

මීගමුවේ නව නගරධිපති ඇන්ටන් ජයවිර මහතාට මේ දිනවල ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.මේ නිසාම නගර සභා ආඥා පණත පවා අමතක වන තැනට  දැන් කටයුතු සිදුවෙමින් තිබේ.කෙසේ වෙතත් ඔහු වැඩ භාර ගැනිමෙන් පසුව ජනතාවට හෝ මහනගර සභාවට කෙසේ වෙතත් ඔහුගේ වාසනාවට ලැබුන  මේ තනතුරට කෘත ගුණ සැලකිමට නම් කිසිවිටකත් ඔහු පසුබට ව නැත.

පසුගිය දිනවල ටෙන්ඩර් සම්බන්ධනේ ඔහු කටයුතු කළ අන්දම මීට එක් උදාහරණයක් පමණි.

2011 දෙසැම්බර් 14 වන දිනට ඇන්ටනි ජයවිර නගරාධිපති තුමා විසින් තවත් විශේෂ මහ සභාවක් කැදවා තිබුණි.ඒ 2011 දෙසැම්බර් 07 වනදා පැවති විශේෂ මුදල් කාරක සභාවේ දෑ අනුමත කරගැනිම වෙනුවෙනි.එකි වාර්ථාව  දෙපැත්තේද සටහන් ඇති පිටු 43 කින් සමන්විත වාර්ථාවකි.විශේෂයෙන් එහි ඇතුලත්ව ඇත්තේ විවිධ මිළදි ගැනිම  වෙනුවෙන්   දක්වා ඇති ටෙන්ඩර් අයිතමයන් සහ ඒවා යේ අනුමැතියයි.

එහෙත් මේ විශේෂ  මහ සභාව හිටිහැටියේ කල් දමන්නට නගරාධිපති වරයාට සිදුව තිබේ.එයට හේතුව වි ඇත්තේ මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් 2011 දෙසැම්බර් 12 වන දින දාතමින් නගරාධිපතිවරයා වෙත නගර සභා අඥා පණතේ ඇතුලත් වගන්ති සිහි ගන්වමින් මේ විශේෂ මහ සභාව නිති විරෝධි බව පෙන්වා දිම නිසා යැයි අපට වාර්ථා වේ.

ඒ ලිපියේ මෙසේද සදහන් වේ.

විශේෂ මහ සභාවක් කැදවිමේදි මහ නගර සභා අඥා පනතේ 19 වන වගන්තිය ප්‍රකාරව යටත් පිරිසෙන් දින 4 කට පෙර සභිකයන්ට ඒ බව දැන්විම යුතු වුවත් එසේ සිදුවි නොමැත.ඒ අනුව අප රැස්වන්නේ කුමක් සදහාද යන කාරණය පැහැදිලිව අධ්‍යයනය කරන්නට ගරු මන්ත්‍රිවරුන්ට නොහැකිය.එදිනටඅප කැදවා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද..??

එමෙන්ම මේ රැස්විම වර්ජනය කරන්නට විපක්ෂයේ මෙන්ම ආණ්ඩුපක්ෂයේද ඇතැම් මන්ත්‍රිවරුන් සුදානම් විමත් සමගම මීගමුව මහ නගර සභාවේ නාගරික ලේකම් ඩී එස් ජයසිංහ මහතා විසින් සියලුම මන්ත්‍රිවරුන් වෙත 2011 දෙසැම්බර් 13 දාතමින් ලිපියක් යවමින් දන්වා සිටියේ නගරධිපතිතුමන්ට දුරකථනයෙන් දැනුම් දෙමින් මේ රැස්විම කල් දමා ඇති බව දන්වන ලෙසය.

මීගමුවේ ජනතාවට ඇත්ත ආදරයක් විපක්ෂයට ඇත්නම් මේ අන්දමේ බලපෑම් කිරිම  ඇති ඉඩකඩ මෙමගින් තේරුම්ගත හැකිවනු ඇත.විපක්ෂයේ මන්ත්‍රිවරුන් 9 දෙනෙකි.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 4  දෙනෙක් දැනටමත් මේ සදහා මුලිකත්වය ගෙන ඇත.

නගරාධිපතුමා ගේ මේ කඩිමුඩියට හේතුව තවත් විස්තරාරත්මක අප හැකි ඉක්මනින් අප පාඨකයා හමුවේ තබන්නට බලාපොරොත්තු වන්නෙමු.