විපක්ෂනායක රොයිස්ගේ තැන ගන්ඩ පොරයක්

0
55


විදේශ මුදල් මංකොල්ලයක සැකකරුවෙකු ලෙස මීගමුවේ එජාප කණ්ඩායම් නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා රක්ෂික බන්ධානාගාර ගතවී ඇත. මෙම නඩුවේ සාක්ෂි
විභාගයක් හෝ නීත්‍යානුකූලව දඩුවම් දීමක් තවමත් සිදුවී නොමැති අතර තවත් නඩු වාරයක් මාර්තු මස 27 වනදා  පැවැත්විමට නියමිතය. මේ අතර එජාප කණ්ඩායමේ  නායකධූරයට තාවකාලිකව කැලිස්ටස් ජයකොඩි මන්ත්‍රීවරයාව පත්කළ බවට පසුගියදා එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක විසින් මීගමුව නගර සභාවේ ලේකම්වරයා වෙත එවන ලද ලිපියකින් දැනුම්  ඇත.
මෙසේ පත්කර ඇති  තාවකාලික විපක්ෂ කණ්ඩායම් නායක ලෙස කැලිස්ටස් ජයකොඩි මන්ත්‍රීවරයා පත්කිරීම පිළිබදවම විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු සිය විරෝධය ලිඛිතව දක්වා ඇත.  ඒ සජිත් මෝහන් මන්ත්‍රීවරයායි. ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක්
යවමින් කියා සිටින්නේ මෙම පත්කිරීම පිළිබදව විපක්ෂනායකවරයාගෙන් හෝ කණ්ඩායමේ
කිසිදු මන්ත්‍රීවරයෙකුගේ අදහස් නොවිමසා කරන ලද  පත්කිරීමක් බවයි. එමෛන්ම
සජිත් මෝහන් මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී
මනාප 5796ක් ලබාගනිමින් තමන් මනාප ලයිස්තුවේ 2 වන ස්තානයට පත්වු බවයි. එය එසේ තිබියදී 3 වන තැනට මනාප ලබාගත් කැලිස්ටස් ජයකොඩි මන්ත්‍රීවරයා පත්කිරීම පදනම් විරහිත
බව ඔහු එම ලිපියේ සදහන් කර තිබේ.