විපක්ෂයේ, නිශාන්ත ප‍්‍රනාන්දු මංති‍්‍රවරයා ආණ්ඩුවට පනියිද ???

0
70

පසුගිය නොවැම්බර් 03 වන දින මීගමුව මහා නගර සභාවේදී පැවැති නව නාගරික මංතී‍්‍ර මන්ඩලය සහභාගී වූ ප‍්‍රථම මංගල මහා සභා රැස්විමේදී මංති‍්‍රවරුන් සිය අදහස් පල කරමින් සිටි අවස්ථාවේ විපක්ෂයේ (එ.ජා.ප) නීතිඥ නිශාන්ත ප‍්‍රනාන්දු නාගරික මංති‍්‍රවරයා සුවිශේෂී කථාවක් කලේය. එම සුවිශේෂී කථාව සංක්ෂිප්තව මෙසේය. …
‘‘ අද මේ රටේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් තිබුනා නම් ස්ථීරවම අපිට තමයි  ආන්ඩු බලය හිමි වන්නේ. මගේ මේ තෙවැනි වතාව නාගරික මංතී‍්‍රවරයෙක් විදිහට තේරී පත් වුන. ඒත් අපි හැම වතාවේම මේ සභාවේ වම් පැත්තට (විපක්ෂය අසුන් ගන්නා පැත්ත)  වෙලයි ඉන්න වෙලා තියෙන්නේ . ඒක ඇත්තටම හරිම අභාග්‍යයක්. ඒ කියන්නේ අපේ රජයක් මේ රටේ ඇති වෙන්න කොයි කාලෙකද කියලා හිතාගන්නවත් බැහැ. රජයක් පිහිටුවීමට සහ ජනාධිපතිවරණයට අපේක්ෂයෙක් තවම පේන තෙක් මානෙක වත් අපේ පක්ෂයේ නැහැ. මේක තමයි අද එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙන ඇත්ත තත්වය. මේක ඇත්තටම අපේ සහ අපේ පක්ෂයේ අවසනාවන්තම තත්වයක්. අපිත් මේ තත්වය උඩ කලකිරිලයි ඉන්නේ. අපිත් ආසයි ආන්ඩු පක්ෂය විදිහට බලයට පත්වෙලා ජනතාවට සේවාවක් කරන්න. නමුත් එවැනි තත්වයක්  නැවත මේ රටේ ඇති වේවි යැයි කියන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේක මහා අවසනාවන්ත තත්වයක්. ’’
එවිට නිශාන්ත ප‍්‍රනාන්දු මංති‍්‍රවරයාගේ කථාවට බාධා කරමින් ඇන්ටනී ජයවීර නව නගරාධිපතිවරයා පැවසුවේ ’’ මංතී‍්‍රතුමා තමුන්නාන්සේට කැමැති නම් අපේ පැත්තට  ඕනෑම වේලාවක පැම්ණෙන්න පුළුවනී. ’’ යනුවෙනි. එහෙත් ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයාගේ පිල් මාරු කිරීමේ යෝජනාව ප‍්‍රතික්ෂේප කර නගරාධිපතිවරයා කල එම යෝජනාවට විපක්ෂව කතා නොකරන්නට තරම් නිශාන්ත ප‍්‍රනාන්දු නාගරික මංති‍්‍රවරයා එහිදී පරිස්සම් විය.
එලෙසම මෙවර මීගමුව නගර සභා මැතිවරණයේදී ආන්ඩු  පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගත් දයාන් ලාංසා නාගරීක මංති‍්‍රවරයාද සිය කථාවේදී සදහන් කලේ කලකිරීමෙන් මේ මහා සභාවේ කථා කල විශේෂයෙන්ම විපක්ෂයේ මංති‍්‍රවරුන්ට ආන්ඩු පක්ෂයට පැමිණ තම ජනතාවට සේවාවන්  කිරිමට අවස්ථාව ඇති බවයි.

මේ අනුව ආන්ඩු පක්ෂයේ ම ආරංචි මාර්ග සදහන් කරන්නේ තව මාස කිහිපයකින් මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ නාගරීක මංති‍්‍රවරයෙක් ලෙස පත් වූ නීතිඥ නිශාන්ත ප‍්‍රනාන්දු මහතා මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයට පැමිනීමට සුදානම් බවයි.