විපක්ෂයේ විරෝධය මීගමුවේදි ….

0
206

රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රධාන නගර  කේන්ද්‍ර කොටගෙන සංවිධානය කෙරෙන විපක්ෂයේ විරෝධයේ පත්‍රිකා බෙදිම් අද මීගමුව නගර මධ්‍යයේදි සවස් වරුෙව් සිදු කෙරැණි. නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් ඇරඹුණු මෙම පත්‍රිකා බේදිම නගරයේ විවිධ මංමාවත් ඔස්සේ විදි සංචාරය කිරිමෙන් අනතුරුව සති අන්න පොල පැවැත්වෙන ස්ථානයේ පැවැති  දේශපාන නායකයන්ගේ අදහස් දැක්විම් වලින් අනතුරුව අවසන් විය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන. සහ රවි කරැණානායක සහභාගිව  සිටි අතර පළාත් සභා නියෝජනය කරමින් වේලායුදන් මහතා සහ ශාන්තිණි කොන්ගහගේ මහත්මිය එක්ව සිටියහ.

මීගමුව මහනගර සභාවෙි හිටපු විපක්ෂ නායක රොයිස් විජිත  ඇතුඵු නාගරික මන්ත්‍රින් පිරිසක්ද එක්ව සිටි අතර මෙම උද්ඝෝෂණික වැඩසටහනේ මුලික සම්බන්ධිකරණය හිටපු නාගරික මන්ත්‍රි ප්‍රදිප් පිරිස් මහතා විසින් සිදු කර තිබුණි.

අද පැවැති තවත් විශේෂයක් වු මෑතකදි එජාපයට එක්වු අන්ජාන් උම්මා මහත්තමියද සහභාගි විය.

විශේෂයෙන්ම මීගමුව පුරා පැතිර යන දුරාචාරයට සහ පරිසර විනාශයට එරෙහිව උද්ඝෝෂකයන් මෙහිදි හඩ නැගු අතර විශේෂයෙන්ම අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එමින් අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කල රාජපක්ෂ පාලනයට එරෙහිවද මෙහිදි විරෝධය පළවිය.