විපතට පත්වූවන් බැලීමට කැන්බරි අගරදගුරු හිමිපාණෝ කටුවපිටිය දේවස්ථානයට පැමිණෙයි

0
153

IMG-20190829-WA0012එංගලන්තයේ කැන්බරියේ අගරදගුරු වන Justin welby (ජස්ටින් වෙල්බි) හිමිපාණෝ අද (29)  කටුවපිටිය දේවස්ථානයට පැමිණ දේවස්ථානයේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව විමසා බැලීමක් කරන ලදී . තෙදින ආගමික සංචාරයක් සඳහා ලංකාවට පැමිණි එතුමා සමඟ බිරිඳ වන කැරලින් වෙල්බි මහත්මිය සහ එතුමාගේ උපදේශක ලෙස කටයුතු කරන ඇන්තනි පෝගෝ අගරදගුරු තුමාද මෙම අවස්ථාවට සහභාගී විය .

එසේම කොලඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කටුවපිටිය දේවස්ථානයේ පාලක පියතුමා වන මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පියතුමන්ලා විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

අද පැවති මෙම ආගමික කටයුත්තේදී විශේෂ ආරාධිතයා වන ජස්ටින් වෙල්බි හිමිපාණන් අතින් විපතට පත්වූ පවුල් වල පාසැල් යන දරුවන් සඳහා පාසැල් පොත් බෙදාදීමක් සිදුකරන ලදී. එමෙන්ම විපතට පත්වූ සමහර පවුල් වල සාමාජිකයින් සමඟ සුහද කථා බහක යෙදීමටත් එතුමාට අවස්ථාවක් ලැබිණ .IMG-20190829-WA0008 IMG-20190829-WA0004 IMG-20190829-WA0007