විපතේදි මීගමුවේ ජනයා අතනොහැර සහයට සිටියේ මිගමුවෙන්ම බිහිවු ව්‍යාපාරික ආයතනයන් පමණි !

0
97

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negomboමීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යමින් සිටින ප්‍රධානම වානිජ නගරයකි.මේ නගරය තුල ව්‍යාපාරික අවස්ථාවන් නිර්මාණය කරගනිමින් මහත්සේ කැපකිරිම් කළ පැරණි ව්‍යාපාරික පරපුරක් විය. සැබැවින්ම අද මිගමුව රටේ කථා බහට ලක්වන වානිජ නගරයක තත්වයකට ගෙන ඒමට ඒ පරම්පරාව ඉටුකළ මෙහෙය කිසිවිටකත් අමතක කළ නොහැකිය.
දැන් ඒ පරපුරේ දෙවන තෙවනි පරම්පරාවෙන් විවිධ කෂේත්‍ර ඔස්සේ ඔවුන්ගේ ව්‍යාපාරයන් ඉදිරියට ගෙන එමින් සිටිති.
මේ අතර මිගමුවේ තුල විවර වෙමින් පැවැති ව්‍යාපාරික අවස්ථාවන් ඩැහැගැනිමට ජාතික ප්‍රාග්ධන අයෝජකයන් මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන්ද දැන් එක්ව සිටිති.
විශේෂයෙන්ම ආහාර සහ බේකරි ක්ෂේත්‍රයන් හිදි මෙසේ කැපි පෙනෙන සේ මේ ජාතික ව්‍යාපාරිකයන් මෙන්ම ජාත්‍යන්තර ආහාර ජාලයන්ගේ ශාඛාද දැන් මිගමුව ව්‍යාපාරික අවස්ථාවන් ඩැහැගෙනය .
එහෙත් අද රට පත්ව සිටින විපතේදි සැබැවින්ම මිගමුවේ ජනයා අතනොහැර ඒ සහයට සිටියේ මිගමුවෙන් බිහිවු ව්‍යාපාරික ආයතනයන් පමණි. අප බේකරි අයිතමයන් ගැන කථා කරන්නේ  නම් කැල්ටන්, නයෝමි, රන්කා ඇතුලු ප්‍රාදේශිය බේකරි නිෂ්පාදකයන් රැසක් මිගමුවේ ජනයාගේ කුසගිනි නිවාලමින් ඔවුන් වෙතටම ගොස් තමන්ට හැකි පමණින් නිෂ්පාදනය කරගත් දැ බේදාහැරියෝය.
එහෙත් නම් දරා සිටින ජාතික ආහාර පාන සපයන ආයතන  මේ විපතේදි ඔවුන් පසුගිය අවුරුදු ගණනාව පුරාවට ලාභ ඉපැයු මිගමුව වෙනුවෙන් කිසිවක් කිරිමට ඉදිරිපත්ව සිටි බවක් නම් අසන්නට තිබුනේ නැත.
මේ නිසාම අනාගතයේදිද අප විසින් රැකගත යුත්තේ මේ විපතිදායක අවස්ථාවේ මිගමුවේ ජනයා ගැන සිතා කටයුතු කළ සහ එසේ කරන්නට උත්සාහයන් ගනු ලැබු අයවලුන්ය ගැනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here