විමල්ගේ පාස්පෝට් නඩුවත් කල්යයි

0
156

wimal(2.37pm) ගුවන් බලපත්‍ර දෙකක් ලඟ තබා ගැනීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පනවා තිබූ නඩු විභාගය අද  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී. එම නඩු⁣ව විභාගයට ගැනීමට අද නියමිතව තිබූ අතර විත්තියේ පාර්ශවයේ නිතිඥවරුන් විසින් මෙම නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලිමට පැමිණිල්ලේ පාර්ශවය වන නියෝජ්‍ය ජෙනරාල් සොලිස්ටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා විරෝධතාවයක්  නොදැක්වූ බැවින්  මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය විසින් මෙම නඩුව නැවත කැඳවීමට දින නියම කරන ලදී. ඒ අනුව මෙම නඩුව 2020 මැයි 21 වන දින  කැදවීමට නියමිතය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා  පැමිණිල්ලේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර
විත්තිය වෙනුවෙන්  ජනාතිපති නිතිඥ ජයන්ත විරසිංහ, ශවීන්ද්‍ර ප්‍රනාන්දු  මහත්වරුන් පෙනී සිටින ලදී.