විරෝධතාකරුවන්ගේ යතුරුපැදි පොලිස්භාරයේ

1
111

යෝජිත විශ්‍රා වැටුප් පණතට විරෝධය පළකරමින් ඊයේ කටුනායක ගුවන්තොටුපල  මංසන්ධියේ පැවැති දැවැන්ත විරෝධතාවයට සහභාගි වු කම්කරුවන් හට ඊයේ සවස යාමයේ එල්ල වු  පොලිස් ප්‍රහාරය හමුවේ විසිරීගිය සමහරකුගේ යතුරුපැදි  මේ වන විට පොලිස් භාරයට පත්ව ඇතැයි වාර්ථාවේ.

ඊයේ  සවස ඇතිවු ගැටුම හේතුවෙන් තුවාල ලත් පොලිස් නිලධාරින් 3 දෙනෙකු මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවගෝස ඇත.මේ අතර ඊයේ අත්අඩංගුවට ගැනුන කම්කරුවන් 15 දෙනෙකු අද උදෑසන නිදහස් කර ඇති බව වානිජ හා කාර්මික පොදුප්‍රවාහන සංගමයේ ප්‍රධානි ඇන්ටන් මාකස් මහතා පවසා සිටි.