විශ්‍රාම යන්න එපා යැයි මැතිව්ස් සංගට කියයි.

0
93

දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නැයි මම කුමාර්ගේ කකුල් දෙකලඟ වැටිලා ඉල්ලුවා. නමුත් ඔහු රට නියෝජනය කළ සෑම අවස්ථාවක් පිළිබඳවම අපි ඔහුට කෘතඥතාපූර්වක වන නිසා අපිට ඔහුගේ තීරණයට ගරු කරන්න සිදුවෙනවා ‘, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායමේ සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු ආරක්ෂා කර ගැනීමට දැරූ උත්සාහය පිළිබඳව මාධ්‍ය හමුවේ හෙළි කරමින් පවසා තිබේ.

කෙසේවෙතත් සිය තීරණය වෙනස් නොකරන බව හෙළි කර ඇති සංගක්කාර තවදුරටත් පවසා ඇත්තේ විශ්‍රාම යෑම තමන්ට තවදුරටත් ක්‍රීඩා කළ හැකිද නොහැකිද යන්න මත නොව ඒ සඳහා වූ නිවැරදි කාලය සහ ස්ථානයත් තම තීරණය නිවැරදි බව හැඟෙනවාද නැද්ද යන්න මතත් තීරණය වන බවයි.

අවුරුදු 37 වන සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරඟ කිහිපය සඳහා මේ දිනවල සහභාගී වෙමින් සිටින අතර ඔහු ඉතා විශිෂ්ඨ දක්ෂතා දක්වමින් සිටියි.

ස්කොට්ලන්තය සමඟ ඊයේ පැවති තරඟයේදී ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර ලොව එක්දින පිටියේ ඉණිම් හතරකදී පිට පිටම ශතක 4ක් රැස් කර ඇති එකම පිතිකරුවා ලෙස ලෝක වාර්තාවක් තැබීය.

එමෙන්ම ලෝක කුසලාන තරඟාවලි වලදී වැඩිම දවා ගැනීම් (54) සඳහා දායක වී කඩුලු රකින්නා බවට පත්වීමටද ඔහු ඊයේ සමත් විය.

එපමණක් නොව මෙවර ලෝක කුසලාන තරඟාවලිය පුරාවට ලුකුණු 496 රැස් කරගෙන ඇති ඔහු මේ වනවිට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාද වෙයිsanga

http://www.sinhala.srilankamirror.com