රාජ්‍ය සේවයේ වසර ගණනාවක සේවයෙන් පසු ලැබෙන විශ්‍රාම පාරිතෝශිත දීමනාව අහෝසි කර බැංකුව හරහා ණයක් ලබාදෙන යෝජනාවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා භාන්ඩාගාරය හරහා ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එම චක්රෙලේඛනය ද 04/2014 නමින් නිකුත කර ඇති බව රාජ්‍ය /අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
මෙම චක්රල්ඛනය අහෝසිකර විශ්‍රාම වැටුප ආරක්ෂා කර න ලෙස බලකරමින් මෙම වෘත්තීය සමිති විසින් අද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළහ. පා ගමන අවසානයේ මෙම උද්ඝෝෂකකරුවන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයකද නිරත වූහ.