විශාල අරමුණකින් පොත් බෙදීමේ කුඩා උත්සවයක් .

0
87

IMG-20191230-WA0022IMG-20191230-WA0019IMG-20191230-WA0003IMG-20191230-WA0020

පිටිපන , පැදිමංකඩ ජොසප් පීටර් මහතාගේ නිවසේදී මෙම උත්සවය පැවැත්වින. මෙම ධීවර ගම්මානයේ ජනතාව ඉතා අපහසුවෙන් තම ආර්ථික කටයුතු සකසා ගනිති . ඒ අනුව මෙය එම දරුවන්ට ලොකු සහනයක් බව එම දෙමව්පියන් පවසයි .
අරමුදලක් පිහිටුවා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමට අදාලව නිසි වැඩ පිළිවෙලක් සකසන බව ජෝසප් පීටර් මහතා ප්‍රකාශ කරන ලදී .
එසේම පිටිපන ප්‍රදේශයේ වෛද්‍යවරු වැනි ඉහල තනතුරු බිහිවූයේ අපහසුතා මැද ජීවත්වූ පවුල් වලින් බවත්, ඒ නිසා මේ සඳහා කැපවීමක් කර යහපත් දරුවෙකු ගොඩනැගීම අරමුණු කර ගනිමින් මැදිහත් වන බවත් ශිරාන් මහතා අප සමඟ පැවසීය .
මෙය කිසිදු දේශපාලන හෝ වෙනත් වුවමනාවක් ඉටුකරගැනීමට සංවිධානය කළ එකක් නොවීය. මෙවැනි කටයුතු සඳහා මුල්‍යමය පරිත්‍යාගයන් කිරීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලින් පිටිපන ප්‍රදේශයේ සිටින බවත් , ඒනිසා මෙම වැඩපිළිවෙළ ගොඩ නැගීම අපහසු දෙයක් නොවන බවත් ශිරාන් මහතා තවදුරටත් පැවසීය .
මේ අනුව ඔවුන්ගේ මෙම සැබෑ අරමුණ වෙනුවෙන් අපි අපේ සුභ පැතුම් එක්කරමු .