විසිල් විතරයි බල්ටි නෑ ! ආපනශාලා වර්ගීකරණය මීගමුවට හීනයක්?

0
106
මිට වසර කිපයකට පෙර සිදුකරන ලද මෙහෙයමුකි.

PHI NGB(3.00 am ) පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් මිගමුව නගරය පැවැතියේ වැල්ලිවිදියේ සහ මැදමුලන පාලනය යටතේය.
ඒ කි කාලය තුල සෞඛ්‍ය අංශය පිළිබදව වැඩිම වසර ගණනක් එහි ප්‍රධාන වගකිම පැවරි තිබුණ තැනැත්තා වුයේ වත්මන් නගරාධිපති දයාන් ලංසාය.ඔහු සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා විය. වෛද්‍යවරයෙකුද නාගරික මන්ත්‍රිවරයෙකු  සිටියදි සෞඛ්‍ය කමිටුවට ඔහු කැදවිමට කටයුතු නොකළ වැල්ලවිදිය පාලනය එකි තතතුරු සිය පවුලේ බුදලයක් බවට පත්කරගෙන තිබුණි.
දායන් ංසා
මීගමුව යනු බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුව කරා යන එක් ප්‍රධාන ව්‍යාපාරික නගරයකි. එහි පාලනය විධිමත් කිරිම අරභයා අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇති ආපනශාලා වර්ගිකරණයකට ලක්කරන එච් 800 වැඩසටහන ක්‍රියාත්මක කිරිම මිගමුව මහනගර සභා පාලනය අසමත්ව සිටි.
ලංකාවේ ප්‍රධාන පෙළේ නගරවලට යන විට එහි ඇති ආපනශාලා දැන් මෙසේ වර්ගිකරණය කොට තිබේ.
ඒ , බි, සහ සි යනුවෙන් මේ  වර්ගිකරණයන් සිදුකර තිබේ.ඉන් කියැවෙන්නේ තමන් ගොඩවදින ආපනශාලාව ගුණාත්මක බව පිළිබදවය.
එහෙත්  දායන් ලංසා ඇතුළු පිරිසක කිසි දිනක මෙවන් කල් පවතින  විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු වෙනුවට කලින් කලට වැඩලිම් කරමින් මාධ්‍ය හරහා සංදර්ශන පවත්වමින් සිටි.
මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයන් වන ගුණරත්න මහතා සහ වසන්ත යන මහතුන්ගෙන් මේ පිළිබදව අප යළිත් විමසා සිටියහොත් ඇත්ත වශයෙන්ම ඔවුන් ලැජ්ජාවට පත්වනු නියතය. හේතුව මේ අය පසුගිය දශකයක් තරම් කාලයක සිට මේ වර්ගීකරණය කිරිමේ අවැසිතාව නිරන්තරයෙන් දුටු නිළධාරින් පිරිසකි.
එබැවින් මාධ්‍ය සංදර්ශණවලට එහා ගිය සෞඛ්‍ය සම්පන්න නගරයක්  ගොඩනැගිමේ බරපතල අවශ්‍යතාවයක් අද මතුව තිබේ.