වෙඩ්ඩාගේ ”පිටුවහල් පිටු” අජ්ජාට …….

0
52

අජිත් 1අජිත් 2‘පිටුවහල් පිටු‘ අජ්ජගෙ අතට ලැබුණා.
අද හවස.
පොත් සල්පිලේ.
‘සම‘ කුටියෙ.
‘සම‘ හිමි සංජීව වඩිගමංගාව සහෝදරයා අතින්.

නොනැමෙන හදවතින් කැමරාවත් එල්ලගෙන මාත් එක්ක, මගේ ළඟින් ඇවිද ගිය අජ්ජා. මුද්‍රිතව පිටුවුණු ‘පිටුවහල් පිටු‘ පීරලා බලපු මුල්ම ඇස් දෙක අජ්ජගෙ.
අජිත් සෙනෙවිරත්න කියන ජ්‍යෙෂ්ඨයගෙ.

මට කැමරාවක් අතින් ගන්න සිද්ධවුණු කාරාණාව හෙමි හෙමින් ලිව්වැකි.
නමුත් මේ ආමාරුකාර වැඩේට ආත්මීයටව ජවය සපයපු
ජ්‍යෙෂ්ඨයො මෙන්ම විශිෂ්ඨයො තමයි අජ්ජත් එක්ක ‘පිදුම‘ තුළ ගොනු වෙලා ඉන්නෙ.

ඒ ආදරණීය සහෝදරවරු තමයි
බුද්ධික වීරසිංහ,
අනුරුද්ධ ලොකුහපුආරච්චි
සහ
ගැමුණු අමරසිංහ.

ඔවුන් කැමරා එක්ක වැඩකරන විදිහ වගේම ඒ කැමරා මවන විශ්මිත දේවල්
මං අප්‍රමාණව විඳගෙන තියෙනවා.
කැමරාවක් බදාගෙන තව ආත්ම ගාණක් ජීවත් වුණත්
මේ මිත්‍රවරු ගන්න එක පින්තූරයක්වත් මට ගන්න පුළුවන් වෙන එකක් නෑ.
නමුත් ඔවුන් කවි මනස පුරා සැරිසමින් සිටිනා බැවින්
ඇහැක් පියැවෙන හැම මොහොතකම මා තුළ මා ගැනම කියැවීමක් ඇතිවෙනවා.

‘පිටුවහල් පිටු‘ බවට පත්වුණේ
ඇරී තිබුණු ඇස හා වැහී ගිය ඇස අතර තිබුණු
මෙකී ආත්මීය අවකාශය.

මිත්‍රවරුනි!
ඒ අවකාශයෙහි වන ආලෝකය නුඹලාගේ ය.
අන්ධකාරය මගේ ය.

ලාංකීය ජනමාධ්‍යයට සුවිශාල සම්ප්‍රදානයක් කළ මගේ කැමරාකාර මිත්‍රයිනි!
උඹලාට අපමණක් ශක්තිය.!!!

– මංජුල වෙඩිවර්ධන
2015 සැප්තැම්බර් 21.

පින්තූර © Lal Laxman