වෙන්නප්පුව ආරක්ෂාකරගතයුත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ගෙන්ද???

0
100

susantha-and-MRවෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරාට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුවේ ජනතාවගේ ආරක්ෂාව ගැන පුදුමාකාර අනුකම්පාවක් උනන්දුවක් ඇතිවී තිබේ. සිදුවු විපත්තිය සම්බන්ධයෙන් රටම කම්පා වු අතර ටික දෙනෙකු සිදුකළ අපරාධයකට සියලුම මුස්ලිම් ජනතාවගෙන් පළිගැනීම හෝ ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ සිදුකිරීම ඉතාම අනුවණ මෙන්ම අති අමානුෂික ක්‍රියාවක් වන අතර සුසන්ත වැනි කතෝලිකයෙකුට කිසිසේත් නොගැලපෙන ක්‍රියාවකි.

වෙන්නප්පුවේ ෆැන්සි හවුස් කඩ පේළිය එක්දාස් නමසිය හැත්තෑ ගණන් වල සිට අප නිතර ආ ගිය තැන්ය. පුංචි කාලයේ අපේ පුංචි දෙපා අතට ගෙන සපත්තු කූට්ටම් හරියන තෙක් අපට පැළඳුවේ ඔවුන්ය.

83දී වෙන්නප්පුවේ කඩ ගිණි තබන්නට මුල්වූයේ එවකට පාලන බලයේ සිටි පිරිස්ය.එකල දෙමළ ව්‍යාපාරිකයන් මංකොල්ල කා දියුණු වු වෙන්නප්පුවේ ව්‍යාපාරිකයන් ගැනද රසවත් කතා අප වැඩිහිටියන්ගෙන් අසා ඇත. වෙන්නප්පුවේ  සිටි සමහර දෙමළ රත්තරන් බඩු මුදලාලිලා සිංහල මිතුරන්ට බලාගන්නට කියා දේපළ පවරා ඉන්දියාවට ගොස් ඇති අතර ඔවුන් නැවත ආවේවත් ඒවා නැවත ලැබුනේ වත් නැත.
කලු ජ්‍රලියේදි වෙන්නප්පුව නගරයේ කඩ ගිණි තැබු අතර ⁣බඩු මූට්ටු මංකොල්ල කෑහ. එම ගිණිතැබීම් වලට එවකට සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් සම්බන්ධවූ බව නොරහසකි.

ඒ ම්ලේච්ජ සිදුවීම් වලින් රට යුද්දයකට ඇද දමා පසුවූ 30 අවුරැදු සාපයකින් පසු නැවතත් සුසන්තලා වැනි අය මේ අර අදින්නේ එවැනි ම්ලේච්ඡ තත්ත්වයකට මුස්ලිම් සමාජය ඇද දැමීමට උත්සාහා දැරීමකට නොවේද?

මේ පාස්කු ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව ගත් කිසිඳු තීන්දුවක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගෙන නැත. අවාසනාවකට වෙන්නප්පුව එජාප විපක්ෂනායකවරයාද මේ සම්බන්ධයෙන් කිසිඳු විරෝධයක් දක්වා නොමැති අතර ඔවුන් ද මෙතනදී අවස්ථාවාදී ලෙස ක්‍රියාකර තිබේ. විරෝධය පළකර තිබුණේ ජවිපේ මන්ත්‍රිවරුන් පමණි.
මෙම තීරණ ගැනීමට අදාළ කමිටු රැස්කරන්නේ වත් නැතිව ප්‍රාදේශිය සභාපතිවරයා අන්තනෝමතික ලෙස මුස්ලිම් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ස්ථාන වලින් ඉවත්වීමට දැනුම් දි තිබුණි.

මේවා කරන්නේ ජනතාවගේ හොඳට යැයි කියන සුසන්ත පෙරේරාට,

1වෙන්නප්පුව පොළේ සිදුවන ටෙන්ඩර් නිති උල්ගංඝනය හා දූෂන,

2ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන වෙළඳසැල් වල අයිකිරීම් අඩුකර ජනතාවට සහන සැලසීම

3 මේ දිනවන දකුණු වෙන්නප්පුවේ වෙල්යායක සිදුකරන අනවසර නීතිවිරෝධි මහා පරිමාන පස් කැපීම්

4  ගං ඉවුරු ගොඩකිරීම් / ඒ ආශ්‍රිත නීතිවිරෝධී ඉදිකිරීම් දැක්කා  නොදැක්කා සේ සිටින වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවෙි නිලධාරීන්

5  මැක්සි හවුස් ආයතනයේ මහා පරිමාන පාරසරික දූෂණ යටගැසීම්

6 මේ වනවිටත් නඩු දෙකක් පවතින මැක්සි හවුස් ආයතනය විසින් සිදුකරක දකුණු වෙන්නප්පුවේ කුඹුරක් ගොඩකර සිදුකරමින් පවතින ඉදිකිරීම්,

7 කිසිදා නැවත්විය නොහැකි කසිප්පු,ගංජා සහ කුඩු ජාවාරම්,

මේවා නැවත්වීමට කිසිදු උනන්දුවක් නැත
මේවා සිදුකරන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් නොව ජනතා ජන්දයෙන් දේශපාලනයට පැමිණි දේශපාලන මංකොල්ලකාරයන්ය.

එවැනි හොරුන් නිදැල්ලේ සිටියදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට වසර ගාණක් බදුගෙවූ  මුස්ලිම් ව්‍යාපාරියන් එළවීම යනු තමන්ගේ  ගෝත්‍රික,ම්ලේච්ජ චරිතාංග ලෝකයටම ප්‍රදර්ශනය කිරීමකි.
මේ වෙනුවෙන් කිසිවක් නොකියා නිහඬව සිටින වෙන්නප්පුවේ එජාප දේශපාලකයන්ද රටේ ඇතිවීමට ඉඩ ඇති වාර්ගික ගැටුමකට හවුල්කරුවන්ය.ඔවුන් නූතනවාදී දේශපාලනයකට උරුමකම් නොකියන අභාවයකට යන දේශපාලන ගතිලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.
මෙම එජාප දේශපාලකයන් අතර අවාසනාවකට ඉතාලියේ ජිවත්වු රැකියා කළ අයද වෙති. සියලු ජාතීන්ට සමව සලකන කොන් නොකරක ඉතාලි ජාතිකයින්ගෙන් යැපෙමින් ඔවුන්ගෙන්ද සැලකුම් ගෞරව ලැබ ,ඉතාලියෙන් හම්භකර පැමින ලංකාවෙි දී සුළු ජාතිකයින්ට වෙනස්කම් කිරීම ඉදිරියේ නිහඬව සිටීම නින්දාසහගතය.
ජසින්තා නිර්මලී