රටේ නව බලාපොරොත්තුවක් ඇති කරමින් පැවති සාමකාමි හා සාධාරණ මැතිවරණයට කලු පැල්ලමක් එකතු කරමින් ප්රදේශයේ රාජ්ය හා පොදු දේපළක් වන වෙන්නප්පුව ලංගම ඩිපෝවේ සේවකයන් එම ඩිපෝවේ ඉදිරිපිට පාලක පක්ෂයේ කොඩි දැමිම ඉතා අශෝබන හා නීති විරෝධි ක්රියාවක් බව ප්රදේශවාසින් පවසති මෙම ආයතනය කිසිදු දේශපාලන පක්ෂයක බූදලයක් නොවන බවත් එම ආයතනය තුල සියලුම පක්ෂ වලට අයත් සේවකයන් රැකියාව කරන බව පවසන ප්රදේශවාසින් පවසන්නේ මෙවන් කටයුතුවලින් අණ්ඩුවේ ප්රථිරූපයට මෙන්ම නීතියද හැල්ලුවට ලක්වන බවයි.මෙවැනි කටයුතු පසුගිය ආණ්ඩු සමයේත් වීම නිසා ජනතාව ඔවුන්ව ප්රතික්ෂේප කර ඇති බවත් එවැනි කටයුතු නැවතත් වීමට ජනතාව ජන්දය නොදුන් බව පාලකයන් මතක තබාගත යුතු බව ජනතාව පවසති