වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ කඩවුණු පොරොන්දුවට වසරක් පිරෙයි?

0
144

susanthapitzsaපීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් සිය හිතවතෙකුගේ ව්‍යාපාරික ස්ථානය මහපාරට හොදින් දිස්වෙන සේ සකසා ගැනිම සදහා එහි පිහිටි බස්නැවතුම ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණි.
ඒ පිළිබදව අප කළ විමසුමකට පසුගිය දෙසැම්බර්මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පවසා තිබුනේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් නුදුරින් ස්ථාපනය කරන බවය.
හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාද අපට දැනුම් දි තිබුනේ එය නැවත ඉදිකිරිමේ වගකිම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් ඉටුකිරිමට නියමිත බවය.
මේ පිළිබදව අප අවස්ථා කිපයකදිම ඔහුගෙන් විමසා සිටි අවස්ථාවාෙව්දි  පමණක් කලබල වන මේ නිලධාරියා අපට පොරොන්දු වන්නේ වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත මහතා විසින් ඉටුකළ යුතු කටයුත්තක් බවය.
මේ දිනවල වරින් වර ඇද හැලෙන වැසි නිසා පිට්සා අවන්හල ඉදිරිපිට කිසිදු සෙවනක් නැතිව මගියෝ ලතවෙති.
වෙන්නප්පුව සභාපතිවරයා‍ෙගේ මේ කඩවුන පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට තවත් කොපමණ කල් යයිදැයි වැස්සට තෙමෙන මේ මගියෝ අසති.
මෑතකදි ඉතාලියේ සමාජ සත්කාරක කටයුතු වලට දායක විම සදහා සංචාරයක නියැලුණු සුසන්ත මහතා එහි මගි ජනතාවට සලසා ඇති පහසුකම් දකින්නට ඇත.එහෙත් ලංකාවේ සුසන්තලාට වැදගත් වන්නේ සන්හිල් බේකරි හිමියාව මිස බස් මගියා නොවේ.?
ලංකාෙව් සහ ඉතාලියේ වෙනස එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here