වෙන්නප්පුව ප්‍රා.සභාවට පාරක්වත් නඩත්තු කරගන්ඩ බැරිද ?

0
407

 

2013-10-10 14.17.07(1)වෙන්නප්පුව නගරයේ ඇති ප්‍රධාන පාරවල් කාලයක පටන් අබලන්වී වර්ෂා කාලයට තැනින් තැන ජලයෙන් යටවේ.  දිග පාරවල් නම්   කිසිදා හැදෙන පාටක් නැත. පළවෙනි පින්තූරයේ දැක්වෙන්නේ වෙන්නප්පුව නගර මධයේ සිට  ගම දෙසට ඇති ‘සදාසරණ’   මාවතේ ඇති වංගුවයි. මේ දිනවල නම් එම ස්ථානයේ මාලුන්ද ඇති කළ හැක. අනතුරක් වුව සිදුවිය හැකි වලක් එම ස්ථානයේ හැරී ඇත. එම මාවතේ ආරම්භයේ සිට  වලවල්ය. මැද සිට තරමක් හදා තිබේ. දෙවෙනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ  වෙන්නප්පුව ප්‍රා. සභාවෙන් අද උදෑසන  වෙන්නප්පුව තෝමස් මාවතේ  කැඩුන තැන් වලට පැලැස්තර දමමින් සිටි අකාරයයි. මෙම තෝමස් මාවතේද අවසාන කොටසට තවමත් තාර දමා සම්පූර්ණ කර නොමැත. වැසි කාලයට බැස යන ජලය එකතු වී එම කොටස මඩ වලක් වේ. පාසල් දරුවන් ගේ ඇඳුම් ගන්නට දෙයක් නොමැත.  එම මාවතේ ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඥාතියෙකු ද පදිංචිව සිටින අතර  එතිනින්එහාට පාරේ තාර දැමීම නැවතී ඇත.
වෙන්නප්පුව ‘පේරගස් හන්දිය ‘ නමින් හැදින්වෙන තෙල්මෝල පාර අවුරුදු 15 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැත. වාර්තා වන අන්දමට යූඑන්පීය බලයේ සිටි කාලයේ හැදූ පසු තවමත් එම පාර ප්‍රතිසංස්කරණය කර නොමැත.  නමුත් වෙන්නප්පුවේ  සමහර ප්‍රදේශ වල ගෙවල් දෙක තුනකට යන පාරවල් කොන්ක්‍රට් කර තිබේ.  ගමේ ප්‍රධාන පාරවල් වන හෙලන් මාවත, පෙරගස් හන්දිය මෙන්ම සදාසරණ වැනි මාවත් සම්පූර්ණයෙන් පිළිසකර කරන්නට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මේ වනතෙක් නොහැකි වී තිබේ.
අලුත්ම සංස්කෘතිය වී ඇත්තේ  පාරක් හදාගන්නට ඕනෑ නම් එම මාවත් වල ජනතාව ගොස් ප්‍රාදේශීය සභාපතිවරයාට හෝ  මන්ත්‍රීවරුන්ට වැද වැටී නැවත නැවත පාර හදා දෙන ලෙස මතක් කිරීමයි. එසේ කළත් සමහර පාරවල් නම් කවදාවත් හැදෙන්නේ නැත. නමුත්  නියමය නම් පාරවල් හදන්නට කවුරුවත් මතක් කළ යුතු නැත. එය ප්‍රාදේශීය සභාවේ වගකීමයි.
2013-10-23 12.17.03(1)
හැමදාම පැලැස්තර දමනවා හැරෙන්නට මෙම පාරවල් ශක්තිමත්ව හදන්නට තරම් වත්කමක් වෙන්නප්පුව ප්‍රාදේශීය  සභාවට නොමැති ද?  පාරක්වත් හදාගන්නට බැරිනම් ප්‍රාදේශීය සභාවකින්  ඇති පළේ කුමක්ද?
2013-10-23 16.40.04(1)
සටහන සහ ඡායා – ජසින්තා නිර්මලී