වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිගේ කඩවුන පොරොන්දුව

0
73

 

වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති පිට්සා අවන් හල ඉදිරිපිට වු බස්නවැතුම එතනින් කඩා ඉවත්කර එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණි. ඒ පිළිබදව අප කළ විමසුමකට පසුගිය දෙසැම්බර්මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පවසා තිබුනේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් නුදුරින් ස්ථාපනය කරන බවය.
හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාද අපට දැනුම් දි තිබුනේ එය නැවත ඉදිකිරිමේ වගකිම වෙන්නප්පව ප්‍රාදේශිය සභාපති විසින් ඉටුකිරිමට නියමිත බවය.
මේ දිනවල ගිනිගහන අව්වේ පිට්සා අවන්හල ඉදිරිපිට කිසිදු සෙවනක් නැතිව මගියෝ ලතවෙති.
වෙන්නප්පුව සභාපතිවරයා‍ෙගේ මේ කඩවුන පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට තවත් කොපමණ කල් යයිදැයි අව්වට වේලෙන මගියෝ අසති.