වෙන්නප්පුව වැව බලෙන් ගොඩකරයි? ප්‍රාදේශිය සභාපති බබාපාට් දමයි

0
258

wen lake 1wen lake 2වෙන්නප්පුව මහ වැවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විසින්  එය කඩා ඉවත්කරන ලෙස නියෝගයක් වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් මාස දෙකක් තිස්සේ මුනිවත රකින ප්‍රා.සභාපතිවරයා  මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් නැවතත් ඉහළ නිලධාරියෙකුගෙන් ඉල්ලීමක් හෝ අවසරයක් බලාපොරොත්තුවෙන් සිටියේය. වාර්තා වන පරිදි පසුගිය දින කීපයකට පෙර එම ස්ථානයට නැවතත් බොරළු පිරවීමක් සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි අවට ප්‍රදේශවාසීන්  මේ පිළිබදව දැනුම් දීමට ප්‍රාදේශීය සභාපතිවරයාට දුරකථන ඇමතුම් පවා දී ඇත. මේ පිළිබදව දැනගත් ගොවි සමිතියේ ලේකම්වරයාද ප්‍රාදේශීය සභාපතිවරයා අමතා ඇත්තේ සිදුවන වැරැද්ද පිළිබදව විමසා සිටීමටය. ඒ අවස්ථාවේදී වෙන්නප්පුව ප්‍රා. සභපතිවරයා දුරකථනයෙන් පිළිතුරු දී ප්‍රකාශ කර ඇත්තේ ‘ඒ බොරළු බාන්නේ වැරදීමකින්, එතෙන්ට නෙමේ ,වෙන තැනකටයි බොරළු බෑමට තිබෙන්නේ කියා පිළිතුරු දී ඇත.
පසුව ලේකම්වරයා විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබදව ජනාධිපති විමර්ශන ඒකකයෙන්  ලිපි එව්වේ නැද්දැයි විමසා ඇත. එවිට ප්‍රා.සභාපතිවරයා පිළිතුරු දී ඇත්තේ ඒවා මගේ ෆයිල් එකේ ඇති, මට තාම හරියට බලන්නඩ බැරි වුණා යනුවෙනි. මෙම අවස්තාව වනවිට ප්‍රා. සභාපතිවරයා වෙන්නප්පුවෙන් බැහැරව ‘දැයට කිරුළ’ ප්‍රද්‍රර්ශනය සදහා සහභාගී වී  සිටි බවද වාර්තා වන අතර එම කාලය තුළදී මෙම බොරළු පිරවීම සිදුකර ඇත.
අපට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව මෙම  අවසරය ලබාදී ඇත්තේ  වයඹ පළාත් ඉංජිනේරු අධ්‍යක්ෂකවරිය  විසිනි. එහෙත් පසුව අප කරන ලද විමසිම් වලදි දැනගන්නට ලැබුනේ වයඹ පළාත් ඉජිනේරු අධ්‍යක්ෂකවරියට වෙන්නපුව වැව පිරවිම සම්බන්ධයෙන් අවසරයක් දිමට බලයක් නැති බවයි.