වෙන්නප්පුව වැව මැන අවසන් – ඉදිකිරීම නීති විරෝධියි

0
263

wen-wew-වෙන්නප්පුවේ මහ වැවේ එක් ඉවුරක් සම්බන්ධ කරගනිමින් ඉදිකර ඇති නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජන සේවා කොමසාරිස්වරිය විසින් නඩු පැවරීමක් සිදුකර තිබේ. මෙම නඩුවේ සාක්ෂි කැදවීම් වලට පෙර වෙන්නප්පුව වැව මැනීම සඳහා මිනුම් නියෝගයක් වෙන්නප්පුව ප්‍රා.ලේකම් කාර්යාලය විසින් ලබාගෙන වැවේ මැනීම් කටයුතු සිදුකර ඇත.
ඒ අනුව වැවේ ‘පිඹුරු පත’ ට අදාළව මෙම අනවසර ඉදිකිරීම නීතිවිරෝධී බව තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ  පාර්ශවයෙන් ඉදිරිපත්කර ඇති ප්‍රධාන සාක්ෂිකරු රාජ්‍ය නිලධාරියෙකු වන අතර මෙම  වැවේ  පිහිටීම හා අදාළ නීතිවිරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන්  ඔප්පුවූ කරුනු ඔහුගේ සාක්ෂියේදී  ඔහු ලබාදී ඇත.
ප්‍රධාන සාක්ෂියෙන් පසු හරස් ප්‍රශ්න සඳහා කාලය ලබාදෙමින් තවත් නඩු වාරයක් මාරවිල දිසා අධිකරණයේදී සැප්තැම්බර් මස 19 වනදා පැවැත්වූ අතර මෙහිදී විත්තියේ නීතිඥයාට සූදානම්වීමට කාලය මදි බව දන්වා තිබේ. ඒ වෙනුවෙන් නැවතත් මෙම නඩුව 2015 ජනවාරි 23 වනදාට දින නියම කර ඇත. මෙම නීති විරෝධී ගොඩ කිරීම සිදුකර ඇත්තේ වෙන්නප්පුවේ ව්‍යාපාරිකයෙකු වන ‘ජැකට් කෝනර්’ හි අධිපති අනිල් ප්‍රනාන්දු නමැති අයෙකි. ඔහු පදිංචිව සිටින්නේ මෙම මහ වැවට ආසන්නව වන අතර ඔහුට අයිති ඉඩමක් මෙම වැවට හා ඉදිකිරීමක් වැවට ඉදිරියෙන් පිහිටා තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අනවසර ඉදිකිරීම ඉදිරියේදී ඔහුගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා යොදාගැනීමේ අරමුණින් මෙය සිදුකරන ලද්දක් බවයි.wen-lake-1