වෙන්නප්පුව වැවේ නඩුව දින්නේ අනිල් ද ? ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයද?

0
139

wen-lake-1වෙන්නප්පුව ‘මහ වැවේ’ ඉදිකළ නීති විරෝධී වැව් බැම්ම සම්බන්ධයෙන්  එහි වගඋත්තරකරු වන අනිල් ප්‍රනාන්දු නමැත්තාට එරෙහිව හලාවත ගොවිජන සේවා කොමසාරිස්වරිය විසින් නඩු දමන ලදී.  මෙම නඩුවේ අවසානය පිළිබඳව තවමත් ප්‍රදේශවාසීන් මෙන්ම පාඨකයාද නිවරදි තොරතුරු නොදන්නා අතර එහි අවසානය සිදුව ඇත්තේ පහත පරිදිය.
මෙම නඩුවේ දී අවසාන නඩුවාරයට පෙරදීම වගඋත්තරකරුට අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් යෝජනා 3ක් ඉදිරිපත් කර තිබේ. එනම්  එම ඉදිකිරම පෞද්ගලික පරිහරණයට යොදා නොගන්නා ලෙසත් ,එම බැම්ම රජයේ දේපළක් ලෙස පිළිගන්නා බවටත්, සිය පෞද්ගලික කටයුතු වෙනුවෙන් එම තීරුවට ඇතුළු නොවන ලෙසටත් එකඟතාවයකට එන ලෙසයි. ඒ අනුව අනිල් ප්‍රනාන්දු විසින් එම යෝජනා වලට එකඟ වී ඇත.
ඒ අතර තවත් කොන්දේසියක් වූ ගොවිජන සේවා පරිමිතියක් අනුව  අවශ්‍යනම් එම බැම්ම කඩා සකස් කළ යුතුයි  යන යෝජනවා ගෝවිජන සේවා දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබේ.
පසුව අනිල් ප්‍රනාන්දු විසින් දන්වා ඇත්තේ  එම ඉදිකිරිම කඩා ඉවත්කරනවා නම් අවශ්‍ය ප්‍රමාණය ගැන ඇස්තමේන්තුවක්  දෙන ලෙසත්, එම පාඩුව ප්‍රා.ඉංජිනේරු කාර්යාලයෙන් සහ වෙන්නප්පුව ප්‍රා.සභාවෙන්  අයකරගැනීමට නීති මාර්ගයෙන් කටයුතු කරන කරන බවත්ය.
පසුව  මේ සම්බන්ධයෙන් සොයා බලා තීරණය කිරිමට දිස්ත්‍රික් ලේකම්ට පැවරී ඇති අතර එහිදී කඩා ඉවත්කර ,අලාභය ගෙවීම සදහා වගකීම ගන්නා රාජ්‍ය ආයතනයක් නොමැති බැවින් එම වැව් බැම්මේ අනවසර කොටස එලෙසම තබමින් එහි අයිතිය ගොවි ජන සේවා දේපාර්තමේන්තුවට  පවරමින් නඩුව  අවසන්කර ඇත්තේ   වගඋත්තරකරුට කොන්දේසි කිහිපයක් පනවමින්  නීතිමය වශයෙන් ලියවිලි වලට අත්සන් ද ගැනීමෙන් අනතුරුවය. මේ අනුව ගොවි සංවිධාන වලට  එම ස්ථානයේ දැන්වීම්  පුවරු සවිකරන ලෙස දැනුවත් කර ඇති අතර කිසිදු පුද්ගලික පරිහරණයකට ඉඩ නොතබමින් විශාල ගස් වවන ලෙසද යෝජනා කර  තිබේ.
මෙම නඩුව අවසන් වීමේදී  අධිකරණය විසින් යෝජනා කර ඇති කොන්දේසි ලෙස  මෙම අනවසර බැම්ම අනිල් ප්‍රනාන්දුට හෝ වෙනත් කිසිවෙකුටත් පුද්ගලික දේපලක් ලෙස  පරිහරණය කළ නොහැක. එසේ කළහොත් නැවතත් අධිකරණය ඉදිරියේ මෝෂමක් හරහා ඔහු වැරදිකරුවෙකු කළ හැකිය. අනිත් කොන්දේසිය වන්නේ  මෙම නීතිවිරෝධී ක්‍රියාව  වෙනත් කිසිවෙකුට පරමාදර්ශයක් ලෙස ගත නොහැකි ආකාරයේ කිසිදු ඉදිකිරීමක් කිසිවෙකුට කළ නොහැකි බවයි.
වෙන්නප්පුව වැවේ සිදුවූ මෙම අනවසර ඉදිකිරීම සදහා අදාළ වන්දිය ගෙවීමට  ප්‍රා.සභාව  සතුව මුදල් නොමැති ද යන්න වෙනමම සලකා බැලිය යුතු කාරණාවක් වන අතර  ඒ සඳහා සුදුසු නායකත්වයක් තිබුණා  නම් එයද කළ නොහැක්කක් නොවේ. කෙසේ වුවත් මෙම මහ වැව සම්බන්ධයෙන්  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාධාරණව කටයුතු කළ නිලධාරීන්ට අපගේ ගෞරවය පුද කරමු