වෙන්නප්පුවෙත් ඩෙංගු – තරුණ මවක් මරණයට

0
82

ඩෙංගු රෝගය වැළදීමෙන් පසුගියදා නයිනමඩම-හන්තොටුපළ ප‍්‍රදේශයේ  32 හැවිරිදි මවක් මිය ගියාය. ඇයත් සමග ඇගේ දරු දෙදෙනාද ඩෙංගු උණ වැළදීමෙන් මීගමුව රෝහලට ඇතුළත් වූයේ මැයි මස 17 වනදාය. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ  ගයාත‍්‍රී මධුලිකා මීගමුව රෝහලට ඇතුළත් කර පසුවදා මිය ගිය ගිය අතර ඇගේ දියණිය සහ පුත‍්‍රයා ද දින කීපයක ප‍්‍රතිකාර වලින් පසු ගෙදර එන්නට තරම් වාසනාවකට උරුමකම් කීහ. නමුත් ගයාත‍්‍රිගේ 14 හැවිරිදි පුතනුවන් සුවවී නිවසට එන විට ඔවුන්ගේ අම්මා සදහටම ඔවුන්ව හැරගොස් සිටියේය. මේ තත්තවයට ඉදිරියේ දී කා හට මුහුණ දෙන්නට සිදුවේදැයි කිව නොහැකි වුවත් මැයි මාසය  වන විට  මීගමුව රෝහලේ වාර්තා අනුව වෙන්නප්පුව ඵධ්‍ය කලාපයට අයත් රෝගීන් 32 දෙදෙනෙකු ඩෙංගු වැළදී මීගමුව රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන ඇත. මේ තත්ත්වය අනුව වෙන්නප්පුව ප‍්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, මාර්තු ,අපේ‍්‍රල් වලදී මෙම වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් මීගමුව රෝහලට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 10කට අඩු සංඛ්‍යාවකි.
ගයාත්‍රි මධුලිකා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here