වෙන්නප්පුවේ මේ ගංජා පොළ හැර තවත් ගංජා පොළවල් තිබේද?

0
67

ජුනි  22 හා 23 යන දිනවලදි වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය කළ වැටලීම් 3 දි ගංජා තොගයක් සමග සැකකරුවන් 10 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ .දුම්මලදෙණිය ප්‍රදේශයේ ගරාජයක, දුම්මලදෙණිය පන්සල් හන්දියේදි හා ලුණුවිල වැව අසලදි මෙම නීති විරෝධි ගංජා සමග සැකකරුවන් අත් අඩංගුවට ගත්බව පොලිසියෙන් වාර්තා වේ.  වෙන්නප්පුව ප්‍රදේශයෙන් නීති විරෝධි මත්ද්‍රව්‍ය තුරන් කිරිම හා නිවාරණය කිරිමේ අරමුණින් මෙම වැටලීම් සිදු කර ඇති  බව ද  මෙම වැටලීම් වලින් ගංජා මිලිග්‍රැම් 11000 ට ආසන්න ප්‍රමාණයක්ද එම ස්ථානයන්හි තිබි රුපියල් දස දහසක මුදලක් යතුරුපැදියක් කඩුවක් හා ගංජා ජාවාරමට යොදාගත් දුරකතනයක්ද අත් අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
මෙය ප්‍රශංසා කළ යුතු ක්‍රියාවක් වන අතර ඇත්තෙන්ම මෙම වැටලීම ඉතාම සාර්ථක වැටලීමක් බව නොඅනුමානය.
මේ අතර වෙන්නප්පුවේ ගංජා සහ අරක්කු අළෙවි  කරන ස්ථාන සහ තිප්පලවල් තවත් තිබෙන බව ප්‍රෙද්ශවාසීන් වාර්තා කරති. ඒ අනුව වසර පුරාම කිසිදු බාධාවකින් තොරව ඉහළ නිලධාරින්ගේද අවසරය ඇතිව සාර්ථකව කරගෙන යන මත්පැන් සහ ගංජා යන දෙකම අළෙවි කරන කිසිවෙකුටත් බය නැති කොටින්ම කියනවා නම් ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාටවත් බය නැති තැන් තිබේ. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිතුමෙනි   ඒවා ගැනත්  සොයා බලන්න.