වෙන්නප්පුවේ විපක්ෂනායක අයවැයට නාවේ ඇයි ?

0
42

1491592_400281456741074_693337026_nවෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය රැස්වීම   2013  නොවැම්බර් 30 වනදා පැවැත්වී ඇති අතර එදින අයවැය  අවස්ථාවේදි  විපක්ෂනායක ජූඩ් ගාමිණී මහතා එම අවස්ථවාට සහභාගී වී නොමැති බව වාර්තා වේ.   වෙන්නප්පුව පා.සභාවේ අයවැය වාර්තාව සම්මත වී ඇති අතර  එය සම්මත කර ඇත්තේ ද  විපක්ෂ කණ්ඩායමේ උප නායක සරත් වික්‍රමරත්න මහතායි.
අයවැයට විරුද්ධව 05 දෙනෙකු ඡන්දය පාවිච්චි කර තිබේ. ඒ විරුද්ධ පක්ෂය නියෝජනය කරන එජාප  පා.සභා මන්ත්‍රීවරුන් වේ.   විපක්ෂ කණ්ඩායමේ පස්දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය දෙන විට  විපක්ෂයේම  මන්ත්‍රීවරයෙකු එය අනුමත කිරීමෙන් පෙනී යන්නේ   ඔවුන් අතරම අයවැය සම්බන්ධයෙන් ඇති ප්‍රතිවිරෝධයයි.  ඒ අතර   විපක්ෂනායකවරයා නොපැමිණීම පිලිබඳව ද  සැකයක් මතුවන බව ද ජනතාව පවසයි.
එයද ගැටලුවකි. කිසිදු සාකච්ඡාවකින් තොරව අයවැයසම්මත කිරීම පිළිබඳව ද එජාප දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ගේ ද දෝෂාරෝපනයට ලක්වී ඇති බවද වාර්තා වේ.
විපක්ෂනායකධූරය නියෝජනය විය යුතු අවස්තාවක ඔහු සභාවේ නොසිටීම ද  කාගේත් විමතියට හේතුවී ඇත.
මෙම ප්‍රදේශයට  දැනට වඩා සේවයක් කිරීම වෙනුවෙන් පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට ද ජූඩ් ගාමිණී මහතා තරග   වැදුණි. වෙන්නප්පුව පා.සභාවේ විපක්ෂ කණ්ඩායමේ  මන්ත්‍රවරුන් කීපදෙනෙකු  වයඹ පළාත් සභාවට තරග වැදුණි.
මැතිවරණ කාලයේ  මේ සියලු දෙනා සමහර විට එකම වේදිකාවේ සිට විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් ජනතා ජන්දය බලාපොරොත්තුවෙන් ක්‍රියා කළ ද ඉන්පසුව නම් මෙම විපක්ෂ කණ්ඩායමේ  කිසිදු  විපක්ෂ ක්‍රියාකාරීත්වයක් දකින්නට නොලැබණි. අඩුම  ගණනේ  ඔවුන් අතර ද සාකච්ඡාවක් , ඒකමතිකත්වයක්  නොමැති  බව වාර්තා වන තොරතුරු වලින් පෙනී යයි.
මේ සියල්ලෙන් පැවසෙන්නේ වෙන්නප්පුව
ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ නායක ඇතුළු  කණ්ඩායම තමන්ගේ විපක්ෂභාවය පිළිබඳ අර්බුදයක සිටින බවයි. මේ තත්ත්වය ආණ්ඩු පක්ෂයේ  ආධිපත්‍යධාරී මෙන්ම අන්තනෝමතික පිනුම් ගැසීම්  සඳහා  හොඳ තෝතැන්නක් වී ඇති බව ද  නොවනුමානය.
වාර්තා වන අන්දමට  වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ  කණ්ඩායමේ  කිසිවකුත් එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හෝ  සහභාගී වී නොමැත.