වෙනූෂා මරාගත් විදුහල්පතිගෙන් පාසලේ නව විදුහල්පතිධූරයට කැපිල්ලක් ?

0
59

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ  පාසල් ශිෂ්‍යාවක් පසුගියදා  සියදවි හානි කර ගැනිමේ ශෝකජනක සිදුවීම පිටුපස පාසලේ විදුහල්පතිවරයා චෝදනා එල්ලවී ඇති අතර ඔහු  විසින් මෙම ශිෂ්‍යාවට ප්‍රසිද්ධීයේ කළ අපහාසයක් හේතුවෙන් මෙම සිසුවිය මෙම තීරණයට එළඹී ඇති බවට  පාසලේ මෙන්ම ප්‍රෙද්ශයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ   සම්බන්ධයෙන් මේ වන විට ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පරීක්ෂන පවත්වාගෙන යන අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විණය පරීක්ෂණයක් ද සිදුකරගෙන යමින් සිටී. මෙම පරීක්ෂණ ආරම්භවීමෙන් අනතුරුව විදුහල්පතිවරයාගේ චරිතය හා ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්  තවත් සැකසංකා පහළවෙමින් තිබේ. ඒ සමගම මතුවී ඇති තවත් සැකයක් වන්නේ මෙම සිසුවිය සියදිවි නසාගැනීම පිටුපස විදුහල්පතිවරයා අතින් සිදුවූ තවත් බලපෑම් තිබෙනවාද යන්නයි.
මෙම සිසුවියගේ මරණයෙන් පසු  හිටපු විදුහල්පතිවරයා  පාසලෙන් ඉවත් කර ඇති අතර විද්‍යාලයට නව  විදුහල්පතිවරයෙකු ට පත්වීමක් ලබාදී තිබේ.  මෙලෙස විදුහලට පත්කර ඇත්තේ කුරුණෑගල ඩී.ඩී ගලගෙදර මහාවිද්‍යාලයේ  විදුහල්පතිවරයා වන අතර ඔහුට මාරුවීමේ ලිපියද යවා තිබේ. නමුත් මේ වනවිට ආරංචි වන තොරතුරු වලට  අනුව මෙම විදුහල්පතිවරයාගේ පත්වීමට විරෝධයක් පාසල තුළින් මතුකරමින්   සර් ජෝන් කොතලාවල  විදුහලට  ඔහුගේ පැමිණීම ට  විවිධ බාධාවන් හිටපු විදුහල්පතිවරයා විසින් සිදුකරමින් සිටී.   මෙම මරණය සම්බන්ධ යෙන් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් විදුහල්පතිවරයාගේ රහස් කාමරය පිළිබඳව ද පරීක්ෂණයක් සිදුකර ඇති බවද මේ වනවිට වාර්තාවේ. හිටපු විදුහල්පතිවරයා විසින්  තමාට එරෙහිව තිබෙන චෝදනා වලින් නිදහස් වීමට සිය දේශපාලන සම්බන්ධතා සහ වෙනත් සම්බන්ධතාා  හරහා උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. එමෙන්ම මොහු  විසින් වයඹ පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සිටින තමන්ට හිතැති බලධාරීන් හරහා සර් ජෝන් විද්‍යාලයට නවවිදුහල්පතිවරයෙකු පැමිණීමද වලක්වන්නට උත්සාහා ගනිමින් සිටින බවද ගුරු සංගම් සාමාජිකයන් චෝදනා කරති.  මේ වනවිට පාසලට ස්ථීරව විදුහල්පතිවරයෙක් නොමැති අතර  වයඹ පළාත් අධ්‍යක්ෂකවරයා ද මෙම නව විදුහල්පතිමාරුවට කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බව වාර්තා වේ.
623බඅ

http://ns1.asianmirror.com/index.php/news/21651-2014-02-18-18-11-38