වෙබ් මාධ්‍ය කලාවට වෘත්තියභාවයක් දිනාගැනිමේ අරගලයට එක්වෙමු.!

0
58

Batti webවෙබ් අඩවි ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් මේ මාධ්‍ය තුල සංවාදයක් බිහිව ඇත.එයට පදනම්ව ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබු පුවත් පත් දැන්විමකි.
එහි අන්තර්ගතය පිළිබදව වන ගැටළුවක් ඇත.
ඒ එහි ඇතුලත්ව ඇති ඇතැම් වගන්ති පිළිබදවය.
මෙම දැන්විමේ වැරදි යෙදුම් ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා මාධ්‍ය වලටද ප්‍රකාශ කොට තිබුණි.
කෙසේ වෙතත් ඉන් ඔබ්බට යන්නේ නම් සදහන් කිරිමට ඇත්තේ අප අද මුහුණ දි සිටින්නේ වෙබ් මාධ්‍ය කලාවට වෘත්තියභාවයක් ලබාදෙමින් අන් මාධ්‍යවල නියැලි සිටින මාධ්‍යවේදින්ට මෙන්ම සමාන සැලකිලි ලැබිමට ඇති අයිතිය ස්ථාපිතක කරගැනිමේ සටනක බවය.
එය කළ හැක්කේ දැනට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරිමෙන් පසුව බව ජනමාධ්‍ය අමාත්‍යංශය වෙබ් මාධ්‍යයේ නියැලෙන අය වෙත දැනටමත් දැනුම් දි තිබේ.
එබැවින් වෙබ් මාධ්‍ය ලියාපදිංචි කිරිම තුලින් අයිතිවාසිකම් හා යුතුකම් පිලිබදව නව අභ්‍යාසයක නිරත වන්නට අලුත් අවකාශයක් විවර වනු ඇත.
මෙම අවකාශය ප්‍රයෝජනයට ගනිමින් වෙබ් මාධ්‍ය කලාවට වෘත්තියභාවයක් එක්කිරිමට කැමැති වෙබ් මාධ්‍යකරුවන් හට තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කළ හැක.එවැන්නකට අකමැති අයට ලියාපදිංචි නොවිද සිටිය හැක.
කෙසේ වෙතත් ලංකාව තුල වේබ මාධ්‍ය කලාව එහි වෘත්තිය භාවයට පත්කරගනිමින් ධනාත්මක සමාජ අකල්පයක් ගොඩනගා ගැනිම සදහා නිරන්තර අරගලයක නිරතවන්නට සිදුව තිබේ.
ඒ වෙබ් මාධ්‍ය කලාව වලපල්ලයට යවන එහි වෘත්තියභාවයට විනකරන වෙබ් අඩවිය සහ වෙබ් මාධ්‍ය භාවිතාවන් රැසක් රටතුල ක්‍රියාත්මකව ඇති බැවිනි.
වෘත්තිය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේ වෙබ් අඩවි ලියාපදිංචි කිරිම සදහා දැනට පවතින අධික ගාස්තුව අඩුකිරිමට පියවර ගන්නා ලෙසය.එහෙත් ඒ සදහා මේ වනතුරුත් යහපත් ප්‍රතිචාරයක් මතුව නැතත් වෙබ් ලියාපදිංචි කිරිම අරභාය දැන් මතුව ඇති සංවාදය තුලදි අප නැවතත් ජනමාධ්‍ය නියෝජ්‍ය ආමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට දන්වා සිටි පරිදි එහි යම් මිළ සංශෝධනයක් කඩිනමින් සිදුකිරිමට පියවර ගන්නා බව දැනුම් දි තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඇතුළුව සියළුම රජයේ නිළ නිවේදනයන් යවනු ලබන්නේ ලියාපදිංචි වෙබ් අඩවි වත පමණි.
එමෙන්ම රජයේ පුවත්පත් සාකච්ජා සදහා නිළඇරයුම් ලැබෙන්නේද ලියාපදිංචි වෙබ් අඩවි වෙත පමණි.
මේ පසුබිම තුල අන් මාධ්‍යවල නියැලෙන මාධ්‍යකරුවන් හට ලැබෙන සියලු වරප්‍රසාද ලබන්නට සහ ඒවා සදහා සටන් කරන්නට මේ ලියාපදිංචිය හරහා route permit ලැබෙනු ඇත.
වෙබ් මාධ්‍ය කලාවට ලංකාව තුල අදාල වෘත්තියභාවය ස්ථාපිත කරගැනිමේ නිරත්තර අරගලයට දායක ව්න්නට කැමැති වෙබ් මාධ්‍යකරුවන් සියල්ල එකතු විය යුතුව තිබේ.web slogan