වෙළඳ කලාප සේවක රොෂේන් ඝාතන නඩුව ලබන ජුලි 11 දා යලිත් විභාගයට.

0
63

පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජනා කල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂේන් චානක තරුණයාගේ මරණ පරීක්ෂනය මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පසුගිය ජුලි මස 05 වැනි දිනද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ඉදිරියේ යලිත් කැඳවා තිබිණි.

මෙහිදී රජයේ දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකුගේ නම් හඩ ගැසු අතර එහිදී අධිකරණයට පැමිණ සිට ඉදිරිපත් වුයේ සැකකරුවන් 08 දෙනෙකු පමනි. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් වූ එම සැකකරුවන් 08 දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගෙන ඔවුන් නිදහස් කරන ලෙස දැනුම් දුන් මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදින අධිකරනයට ඉදිරිපත් නොවුණු එනම්  එදින නොපැමිණි සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස ද නියෝග කලේය.
මෙම නඩුවේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා වන සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ යන නිලධාරින් දෙදෙනාව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අධිකරනයට ඉදිරිපත් කර තිබිණි.
මෙම නඩුව ජුලි මස 11 දිනට කල් තැබුණු අතර නඩුවේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාව එදින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.