වෛද්‍යවරයෙක් අයිතිකරගන්න හදන මීගමුවේ ළමා වාට්ටු සංකීර්ණය ?

0
159

IMG-20190930-WA0004IMG-20190930-WA0005 මීගමුව රෝහලට අනුබද්ධව මෙල්වා සමූහ ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් ගොඩ නැගූ ලමා වාට්ටු සංකීර්ණය තවමත් රෝහලට පවරා නැති බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටී.මෙහි නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ මීගමුව මහ රෝහල විසින්ය. මේ අනුව එසේ පැවරීමකින් තොරව මෙම පවත්වාගෙන යාම කළ නොහැකි බව සමහරු මේගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරති .
මෙකී ලමා වාට්ටු සංකීර්ණය ලබාගැනීමට මැදිහත්වූ වෛද්‍යවරයා තමන්ගේ පුද්ගලික අරමුණු පදනම් කරගෙන කටයුතු කරන අතර එය මෙහි පාලන කටයුතු කෙරෙහි ඍජු බලපෑමක් වන බව සමහර අය අදහස් දක්වති .
රෝහලේ වෛද්‍ය වරයෙකුට පවා මෙම ලමා වාට්ටු සංකීර්ණය තුළ පොදු අවශ්‍යතාවයක් සඳහා හෝ කටයුතු කිරීමේ හැකියාවක් නැත .
මේ අනුව මෙහි පරිපාලනය තුළ ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමෙන් රෝගී ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගැනීමේදී ගැටළු සහගත තත්වයක් නිර්මාණය වන බව පැහැදිළිය. එබැවින් මේ ගැන රෝහල් බලධාරීන් මීටවඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතුය .