වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මිය ගිය බිළි`දා ගමම හඩවා අවසන් ගමන් යයි

0
164

පසුගිය 17 වැනි දා මීගමු රෝහලේ වෛiවරුන් පිරිසකගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දින 04 ක් ආයු වළ`දා මිය ගිය ළදරුවාගේ අවසන් කටයුතු කඩොල් කැලේ කතෝලික සුසාන භූමියේදී 2010-11-19 දින සවස සිදු කෙරිණි. මීගමුව තලාදුව,කඩොල් කැලේ ප‍්‍රදේශවාසීන්ගේ හා ඥාතී හිතමිත‍්‍රාදීන්ගේ සංවේගජනක සෝ සුසුම් මැද ළදරු සිරුර භූමදානය කෙරුණ අතර අවම`ගුල් උත්සවය ස`දහා විශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.
මෙලෙස අවසනාවන්ත ලෙස මිය ගියේ මීගමුව, තලා¥ව සාන්ත සේවියර් මාවතේ පදිංචි 28 හැවිරිදි පි‍්‍රන්ස් ජෝර්ජ් ඩිල්ෂාන් (මාල දිවයිනේ සේවයේ නියුතු* සහ 23 හැවිරිදි මේරි රෝස් පි‍්‍රයංකා දෙපළගේ ක`ඵ`දුල් දරුවායි. වැඩි බර දරු උපතකදී සීසේරියන් සැත්කමක් ලෙස සිදු විය යුතු දරු උපතක් සාමාන්‍ය දරු උපතක් ලෙස සිදු කිරීමට යාමේදී ඇති වු අයහපත් තත්වය මත මෙම බිලි`දාගේ මරණය සිදු වී තිබිණි. නිසි වේලාවේදී නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛiවරයෙකු මේ දරු ප‍්‍රසුතියට සහභාගී නොවීමත් නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛiවරුන් නොවන වෛiවරු පිරිසක් මේ දරු උපතේ මුල් අවස්ථාවේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමත් හේතුවෙන් මෙම ළදරු මරණය සිදු වී ඇති බවට ඥාතීහූ මීගමු රෝහලේ එම වෛiවරුන්ට දැඩි සේ චෝදනා කරති.
පසුගිය කාල පරිච්ෙඡ්දය පුරාම මීගමු රෝහල තුළ වෛiවරුන්ගේ නොසැලිකිලිමත් භාවය මුල් කර ගනිමින් අහිංසක මිනිස් ජීවිත ගණනාවක්ම ඉතා අවසානාවන්ත ලෙස අපට අහිමි වුහ. ඒ අතර වැඩි වශයෙන්ම වාර්තා වුයේ මාතෘ මරණ හා ළදරු මරණ වීම මෙහිදී විශේෂයෙන් ස`දහන් කල හැකිය. දරුවෙකු ලැබෙන්නට සිටින මවක් කෙතරම් ආර්ථික අමාරුකම් හමුවේ හෝ පෞද්ගලික චැනල් සේවාවලට අධික මුදල් වියදම් කර විශේෂඥ වෛiවරයෙකු හමු වන්නේ තමන්ට ලැබෙන්නට සිටින දරුවා නිරෝගීව ප‍්‍රසූත කිරීම ස`දහායි. එය එම මවටද ප‍්‍රබල මානසික අස්වැසිල්ලකි. එලෙස ආර්ථික දරිද්‍රතාවයන් හමුවේ හෝ පෞද්ගලික චැනල් සේවාවලට අධික මුදලක් ගෙවා විශේෂඥ වෛiවරයෙකු කිහිප වතාවකදීම හමු වී තවත් මුදල් සම්භාරයක් වැය කර එම විශේෂඥ වෛiවරයා නියම කරන්නාවූ පරීක්ෂණ ආදිය සිදුකළත් අවසානයේ දරුවා ලැබෙන්නට යන අවස්ථාවේ අදාළ විශේෂඥ වෛiවරයාගේ සේවය නොලැබෙන විට එම කාර්ය්‍යන් වලට බොහෝ විට සම්බන්ධ වන්නේ රෝහලේ ඒ අවස්ථාවේ ගැබිණි වාට්ටුව භාර වී සිටින පළපුරුදුතාවයන් නොමැති සාමාන්‍ය ෙවෛiවරුන් ට විය හැකිය. එවන් වෛiවරුන් අතින් සිදුවන සු`ඵ අත්වැරදීමකින් පවා විනාශ වන්නේ අහිංසක මිනිස් ජීවිතයකි. මීගමු රෝහලේ බොහෝ විශේෂඥ වෛiවරුන්ට ජනතවාගෙන් එල්ලවන ප‍්‍රධාන චෝදනාව වන්නේද එම වෛiවරුන්ගේ පවතින නොසැලකිලිමත් බවයි. පසුගිය කාලය මු`ඵල්ලේම මීගමුව රෝහලෙන් එවැනි බරපතල සිද්ධීන් ගණනාවක්ම වාර්තා වන්නට විය.P1050240P1050224