ශ්‍රීලනිපය වැඩබලන සභාපති ධුරය අධිකරණ ඇමතිට ! – දෙපිල ප්‍රසිද්ධියේ ම ගැටෙති

0
207
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් අද (21)පෙරවරු 10 ට කෝට්ටේ සෝලිස් හෝටලයේදී සංවිධානය කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය වෙනුවෙන් එම රැස්වීම කැඳවා ඇත්තේ ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.

මෙම රැස්වීමකට විරෝධය පළකරමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින් වැඩබලන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

Duminda 2024.04.213

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය ඊයේ (20) ද දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණි. ඒ, ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී ය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිප වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා එම රැස්වීම ද කැඳවා තිබුනේ, වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.

කෙසේවුවද දැනට වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ කණ්ඩායම එම උත්සාහය ව්‍යර්ථ කර තිබිණ.

එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කළේය.

එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මාධ්‍ය වෙත පැවසුවේ, පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම නීත්‍යානුකූල නොවන බවයි.
theleader.lk