ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් රටම බලාපොරොත්තු වු දුෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් පක්ෂය බේරා ගැනීමේ වැඩ පිළිවෙල කඩා කප්පල් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියා නොකර නැවතත් දුෂිතයන්ට මැරයන්ට කුඩු මුදලාලිලාට පක්ෂයෙන් නාම යෝජනා දීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට තම දැඩි අප්‍රසාදය පළ කරමින් රටේ බලාපොරොත්තුව ඉටු කිරිමට මෙවර මහා මැතිවරණයෙදි පුත්තලම් දිස්තික්කයෙන් වෙන්නප්පුව ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුලු එක්සත් ජාතික පෙරමුණ දිනවීමට සහය ලබා දෙන බව වෙන්නප්පුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ෂෙරොන් ප්‍රනාන්දු මහතා පවසයි රටේ නව යුගයක් ඇතිකිරිමට ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරිමටත් දුෂිතයන්ට වැට බඳිමින් වංචනිකයන්ට තම පක්ෂයෙන් නාමයෝජනා නොදිමට පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙනගිය වැඩපිළිවෙල කඩා කප්පල් කරමින් නැවතත් පක්ෂය දුෂිතයන්ගේ වංචනිකයන්ට ඉඩ ලබා දීමට කුමන්ත්‍රණයක් දියත් කල දුෂිත සංධාන නායකයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඇති වු කළ කිරිම හේතුවෙන් මෙම තීරණය ගත් බව මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවසීය විශේශයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය තුලත් එතනෝල් ජාවාරම් කල කුඩු ව්‍යාපාර කල මැරකම් කල පුද්ගලයන්ට අපේක්ෂකත්වය දීම තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නව යුගයකට ගෙනයාමට තිබු වැඩ පිළිවෙල කඩාකප්පල් කල බවත් මේ හේතුවෙන් පාක්ෂිකයන් විශාල පිරිසක් දැඩි කළකිරිමට පත්වීම හේතුවෙන් පාක්ෂිකයන්ගේ අයිතින් අරක්ෂා කිරිමට තමන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රටේ නව යුගයක් ඇති කිරිමේ වැඩපිළිවෙලත් සමග ඉදිරියටත් කටයුතු කරන බවත් පුත්තලම් දිස්ත්‍රික්කයේත් වෙන්නප්පුව ආසනයේත් යහපත් ප්රජාතන්ත්රවාදි සැබැ යහපාලන යුගයක් ඇති කිරිමට කැපවනව බව ෂෙරොන් ප්‍රනාන්දු මන්ත්‍රි වරයා පැවසීය
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව