ශ්‍රිලනිප දේශපාලන අර්බුදය මැද මීගමුව නගරාධිපති දේශපාලනයෙන් සමුගනියි ?

0
38

NGB mayorශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල මතුව ඇති අර්බුදයත් මීගමුවේ ශ්‍රිලනිප දේශපාලකයන් අතර මතුව ඇති ගැටුමත් හේතුවෙන් මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා දේශපාලනයෙන් සමුගන්නට යන බවට වන පුවතක් ඔහුට ඉතා සමිප ආරංචි මාර්ග වලින් ප්‍රකාශයට පත්වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පවසා සිටියේ මතුව ඇති අර්බුදකාරි තත්වය ගැන තමන් මහත්සේ කළකිරිමට පත්ව ඇති බවය.
දේශපාලනයෙන් සමුගන්නවා යැයි පැතිර යන ආරංචිය ගැන අප සෘජුව විමසා සිටි අවස්ථාවේ ඊට කෙලින් පිලිතුරුක් නොදුන් නගරාධිපතිවරයා ඉඟිකලේ තමන් ඉවත් විම ගැන සිතමින් සිටින බවය.
වසර 40 ක් ක්‍රියාකාරි ශ්‍රිලනිප දේශපාලනයේද වසර  20 ක් මන්ත්‍රිවරයෙකු ලෙසින්ද වසර 4 ක් නගරාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාත්මකව ඇත.