ශ්‍රිලාංකිකයන් 24 ක් දෙනෙකු ලංකාවට පිටුවහල් කෙරේ ..

0
130

ස්විස්ටර්ලන්තයේ සහ ජර්මනියේ නීතිවිරෝධී ලෙස රැඳී සිටියේ යැයි කියන ශ්‍රී ලාංකිකයන් විසිහතර දෙනෙකු අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි තිබුණි
සංක්‍රමණ නීතිඋල්ලංඝණය කිරිම හේතුන් නිසා 2012 සහ 2013 සිට ඔවුන් එම රටවල නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි අතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු පිටුවහල් කරනු ලැබ ඇතැය ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
මෙසේ පිටුවහල් කරනු ලැබු පිරිස අතර කාන්තාවක්ද වේ.
නිරෝධායන ක්‍රියාවලිය සඳහා මේ පිරිස ඔවුන් ගුවන් තොටුපලේදී ආගමන හා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවට භාර දෙන ලද අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු යළි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රහස් පොලිසියට හා ජාතික බුද්ධි අංශයට භාර දෙන බව ගුවන් තොටුපල නිලධාරියෙක් පැවසී යැයි ඩේලි මිරර් වෙබ් අඩවිය දක්වා තිබේ