ශ්‍රී.ල.නි.ප කටාන / සීදූව මන්ත්‍රීවරු ,මන්ත්‍රීවරියන් දිවුරුම් දෙති.

0
216

????????????????????????????????????

DSC_1794????????????????????????????????????

කටාන ප්‍රාදේශීය සභාවට සහ කටුනායක සීදූව නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ මන්ත්‍රීවරියන් 4 දෙනෙකු ඊයේ ( 2018.03.19) දින නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

කටාන ප්‍රාදේශීය සභාව සදහා සභිකයින් 7 දෙනෙකු ද කටුනායක සීදූව නගර සභාව සදහා සභිකයින් තිදෙනෙකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පළාත් පාලන ආයතන වලට පත්වී ඇත.
 
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය , ලලිත් වනිගරත්න මහතා  සහ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලීලානන්ද සිල්වා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.