ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරය ගැන අවසන් තීරණය අද

0
82

index

ලාහෝර් හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තුන්වන විස්සයි විස්ස තරගයට සහභාගී වීම හෝ නොවීම සම්බන්දයෙන් අද දිනයේදී තීරණයක් ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්ථා වනවා.  ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසා ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ කොළඹ පැවැත්වෙන රැස්වීමකින් අනතුරුව මේ සම්බන්දයෙන් වන අවසන් තීරණය ගනු ඇති බවයි.

මේ වන විට පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදිය හැකි උපරිම ආරක්ෂාව බාදෙන බවටත් පවසා තිබෙනවා.