ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිම කෙරේ.

0
77

ශ්‍රී ලංකාවේ සිදුකල ප්‍රථම හදවත් බද්ධ ශල්‍යකර්මය සාරථක ලෙස සිදුකිරීමට මහනුවර රෝහල සමත්වී තිබෙනවා.
එසේ සාර්ථක ලෙස හදවත් බද්ධ කිරීමේ  ශල්‍යකර්මය සිදුකර ඇත්තේ 34 හැවිරිදි කාන්තාවකට වන අතර ඇයට අවශය කරන හදවත ලබාගෙන ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයෙකුගෙන්බවයි මහනුවර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ.

එලෙසම විශේෂයෙන් එම 24 හැවිරිදි පුද්ගලයාගේ වකුගඩු දෙකත් වෙනත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට බද්ධ කල බවත් ඔවුන්ද මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්ථා වන්නේ. මේ වන විට එම සියළුම රෝගීන්ගේ තත්වය ස්ථාවර බවත් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමන් සිටින බවත් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මහතා පවසා තිබෙනවා.

මෙම සාර්ථක හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහා මහනුවර ,පේරාදෙණිය,අනුරාධපුරය,බොරැල්ල,රිඡ්වේ ආර්යා හා වැලිසර රොහල් වල හදවත් විශේෂඥවෛද්‍යවරුන්ගේද සහයලැබී තිබෙනවා.

54cfd02ad5c02_-_heartsurgery-01-0611-xln

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here