ශ්‍රීලංකා මැද පෙළට තද මුක්කුවක් ඕනෑ කර තිබේ.

0
65

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය දරුණු පරාජයක මතක සටහන් ඉතිරි කර අවසන් විය. පරාජය අතරින් මතුවූ යහපත් කාරණා පිලිබදව සතුටු විය හැකිය. ඉන් පලමු වැන්න විවිධ හැලහැප්පීම් මැද කණ්ඩායමට එකතු වූ උපුල් තරංග ඔහුගේ පරිනතභාවය විදහා දැක්වීමයි. පිතිකරුවෙකු ලෙස උපුල් තරංගය යනු කවුද? යන ප්‍රශ්ණයට 4වන එක්දින තරගයේදී කදිම පිළිතුරක් තේරීම් කමිටුව වෙත ලබා දුනි.

දෙවන කරුණ නම් හොද ආරම්භක පිතිකරුවෙකුගේ අඩුව පිරීවමට හැකිවීමයි. වර්ථමාන ක්‍රිකට් පිටියේ සෙල්ලම් දාන්න නම් වේගයෙන් ලකුණු ලබා ගත හැකි ආරම්භක පිතිකරුවෙකු සිටිය යුතුම වේ.එ් සදහා කදිම සම්පතක් දකුණු අප්‍රිකාවේදී ස්ථාවර විය. ඔහු නමින් නිරෝෂන් දික්වැල්ලයි. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට කදිමට පිත්ත හැසිරවීමට ඔහු සමත් විය.

තුන්වන කාරණය පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකුගේ පිපාසානේ සිටි තේරීම් කමිටුවට අවු.19ක කොලු ගැටයෙක් හමුවීමයි. ඔහු ළහිරු කුමාරය. මේ සොයාගැනීම් පිලිබදව ක්‍රීඩා ලෝලීන්ටද සතුටු නැතුවා නොවේ.

එහෙත් කාලයක සිට ශ්‍රීලංකා පිලට තිබෙන ප්‍රශ්ණය මැදපෙළ ඇදගෙනයාමට තරම් වැඩකාර පිතිකරුවෙකු හමු නොවීමයි. one day match එක  over 50 ත් ක්‍රීඩාකරන විට මෙය ඉතාමත් වැදගත් සාධකයකි. ශ්‍රීලංකා පිල 1996 ලෝක කුසලානය දිනා ගන්නා විට අර්ජුන,හෂාන්,රොෂාන් ශ්‍රී ලංකා පිලේ මැද පෙල විය. ඔවුන් තිදෙනා ඉනිම කඩා වැටීමට ඉඩ නොදී හොදට මුක්කුව ගසා තද කරයි. ඉන්පසුව මේ වැඩේ හරියටම කරේ රසල් ආනල්ඩ් බව මාගේ විශ්වාසයයි.

පිතිකරණ ලැයිස්තුවේ නොම්බර 5, 6 ක්‍රීඩා කරන ක්‍රීඩකයාට තරග මෙහෙයවීම පිලිබදව හොද ඇසක් තිබිය යුතුය. මෙහි වැදගත්කම වන්නේ ඕවර 20-35 අතර එන ලකුණු ලබා ගැනීමට නොම්බර 3-6 පිතිකරුවාට හැකියාව තිබිය යුුතු වීමයි. නමුත් පසුගිය කාලයේ ශ්‍රීලංකා පිලේ කඩාවැටීමට හේතු වූයේ එම හැකියාව ඇති පිතිකරුවෙකු ශ්‍රීලංකා පිලේ ස්ථාවර නොවීමයි.

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙම ස්ථාන ක්‍රීඩා කිරීමට හරිහමන් ක්‍රීඩකයෙකු සිටියේ නැත. කණ්ඩායමට එකතු කරතිබූ බොහෝ පිතිකරුවන් තම ක්‍රීඩා සමාජයේ, පාසලේ මුල්පෙල පිතිකරුවන්ය. ධනංජය,උපුල්,සදුන් වීරක්කොඩි,කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක මේ සියළු දෙනාම ආරම්භක පිතිකරුවන්ය. නමුත් වරින් වර මැදපෙළට ආදේශ වූයේ මෙවැනි ක්‍රීඩකයන්ය. පළමු ඕවර 10 -15 අතර ක්‍රීඩාකරන ක්‍රීඩකයෙකුට ඕවර 20 – 35 අතර ක්‍රීඩා කිරීම ඉතාමත් අපහසු කටයුත්තකි. මෙම කාලය තුල පන්දු රකින්නන් යාර 30 සීමාවෙන් පිටත රදවන අතර එක ලකුණ දෙක ලබා ගැනීමට පන්දුව ස්ථාන ගතකලහැකි ක්‍රීඩකයන් අවශ්‍ය අතර එ් සදහා පළපුරුද්ද අනිවාර්‍යෙයන් තිබිය යුතුය. මේ හේතුව නිසා ඕවර 20 – 35 අතර කාල පරාසය තුල ආරම්භක පිතිකරුවෙකු එක්වරම පැමිණ ක්‍රීඩා කරන විට ඔහුට පන්දුවට ඉහලින් පහර ගැසීමට,යාර 30 සීමාව පසුකර යාර 30 සීමා පසුකර හතරේ පහරකට පන්දුව ගලාගනෙ යාමේ  කාරණා කිරීමේ හැකියාවක් නැත. මේ හේතුව නිසා අවස්ථා ගණනාවකදී ශ්‍රීලංකා මැදපෙළ කඩා වැටුනි.

ඒ නිසා මැදපෙළ හොදින් ක්‍රීඩාකරන අන්තර් සමාජ ක්‍රීඩකයෙකුට ශ්‍රීලංකා පිලේ දොරටු විවර කර දීම කාලෝචිත වේ. මැදපෙළ ශක්තිමත්ව තිබුණොත් පසුපෙල සිටින පිතිකරුවන්ට ඔහු වටා ක්‍රීඩා කිරීමේ හැකියාව උදා වනු ඇති. තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියට මේ ගැන සිතන්නට දැන් සිදුව ඇත.

Sri Lanka Cricket

 

 

 

උපුටාගැනීම – ඇපල් ස්පෝරට් පුවත්පත.