ශාන්ත මරියාවට විශේෂ ටෙනිස් ජයග්‍රහණයක්

0
47

පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ඔටර් ඇක්වාටික්ස් ටෙනිස් ක‍්‍රීඩා සමාජය මගින්  පැවති විවෘත ටෙනිස් තරගාවලියේදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ දෙවන වසර සහ 3 වන වසරේ සිසුන් දෙදෙනෙකුට පිළිවෙලින් 1 ස්ථානය සහ 2වන ස්ථානය හිමිව තිබේ. වයස අවු 7න් පහළ ටෙනිස් බාලක තරගාවලියේදී  කොළඹ සුපිරි පාසල් ඇතුළු ශ‍්‍රී ලංකාවේ පාසල් 30ක ක‍්‍රීඩකයන් අතරින් මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 2වන වසරේ ඉගෙනුම ලබන බෙවින් රාජපක්ෂ සිසුවා විසින් 1 ස්ථානය ජයග‍්‍රහණය කර ඇත. වයස අවුරුදු 8න් පහළ ටෙනිස් තරගාවලියේ දී කොළඹ ඇතුළු මුළු දිවයිනේම ක‍්‍රීඩකයින් අභිබවමින් මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 3වන වසරේ ඉගෙනුම ලබන නිපුන් කෞෂල්‍ය විසින් එම තරගයේ දෙවන ස්තානය ලබා ගෙන ඇත. මෙවැනි සමස්ත ලංකා තරගාවලියකදී මෙලෙස සහ ප‍්‍රථම සහ දෙවන ස්ථානය මීගමුව ශාන්ත මරියා විදුහලට ලැබූ පළමු අවස්ථාව මෙයවේ. ශානත මරියා වි ද ්‍යාලයේ ටෙනිස් පුහුණූකරු ප‍්‍රියංකර මහතාගේ නිරන්තර උපදෙස් හා පුහුණුව මත මෙම සිසුවන්ට මෙම ජයග‍්‍රහණ හිමිකර ගැනීමට හැකිවී තිබේ. ශාන්ත මරියා විද්‍යාලයේ ටෙනිස් ක‍්‍රීඩාවට තවත් දක්ෂ දරුවන් සිටින නමුත් මෙලෙස ජයග‍්‍රහණ තව තවත් අත්කර දීමට ඔවුන්ට ප‍්‍රධාන බාධාකය වී ඇත්තේ එම වි ද ්‍යාලයට ටෙනිස් පිටියක් නොමැති නිසා බව බව පුහුණු කරු ප‍්‍රකාශ කරයි.

වමේ සිට දකුණට – මීගමුව ටෙනිස් සංගම් මධ්‍යස්ථානයේ ප‍්‍රධාන පුහුණුකරු පහිරධන් මහතා. පුහුණුකරු ප‍්‍රියංකර ප‍්‍රනාන්දු – ව්‍යාප්ත නිලධාරී,  කජේන්ද්‍රන් කෆ්්කාන්ත් -බෙවින් රාජපක්ෂ සහ නිපුන් කෞෂල්‍ය