පසුගිය 10 වනදා මීගමුව බීච් පාර්ක් හී තිබූ සංගීත සංදර්ශනයක් නැරඹිමට ගිය පිරිසක් අතර කලහයක් ඇති වී ඇති අතර එම නිසා පුද්ගලයන් 12 දෙනෙකුට පමණ තුවාල සිදුවී තිඛේ. රෝහල් ආරංචි මාර්ග අනුව මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකුට අසාධ්‍ය මට්ටමට තුවාල සිදුවී ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ගෙනගොස් ඇත.
මෙම ගැටුමට මුල්වී ඇති පිරිස 25 දෙනෙකු පමණ පිරිසක් වන අතර එක් පිරිසක් පොලු රැගෙන විත් තවත් පිරිසකට පහරදී හෙල්මට් එකකින් ද පහරදීමක් සිදුකර ඇති බව මීගමුව රෝහල් පොලිස් වාර්තා සදහන් කරයි.තුවාල ලබා මීගමුව රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන ගයාන් , සංජීව යන දෙදෙනා පවසා සිටි අයුරු
” අපි හිටිය තැනට ඇවිල්ලා ඒ අය අපිට කිසිම හේතුවක් නැතිව ගහන්න පටන් ගත්තා. මුලින් කටින් කට ගියා. උණ පොල්ලකින් ගැහුවා. ආරංචිය හැටියට දළුපත පැත්තේ කට්ටියක් කියලයි කියන්නේ. ඒ කට්ටිය බීලා තමා හිටියේ.”