සංචාරක කුරුල්ලන්ට මීගමුවේදී බාධා

0
1012
ඔවුන් මාර්ග කිහිපයකින් ලංකාවට පිවිසෙනවා.
ඉන් එක් ප්‍රධාන මාර්ගයක් නම් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ඇති මුහුදු තීරයයි.
ඔවුන් එම මාර්ගයේ පුත්තලම හලාවත වෙන්නප්පුව කොච්චිකඩේ මීගොමුව
පසුකරමින් දිවයින තුලට ගමන් කරනු ලබනවා. මෙම මාර්ගය වැටි ඇත්තේ මීගොමුව කලපුව හා මුතුරාජවෙල වගුරු බිම්  හරහා ය. මෙම ප්‍රදේ්ශ අවට ගැවසෙන කුරුල්ලන් ගැන තොරතුරු ‘මුතුරාජවෙල වගුරු සහ මීගොමු කලපු සංවර්ධන පැතිකඩ’ නම් ග්‍රන්ථයෙන් සඳහන් වෙනවා. මෙම කුරුල්ලන්ගේ වාසභූමි ආරක්ෂා කිරීමට විධි විධාන යෙදීම හා ආරක්ෂිත කලාප වෙන්කිරීම මුතුරාජවෙල වගුරු සහා මීගොමු කලපු සංවර්ධන සැලස්මේ සහ පනත් මඟින් ප්‍රකාශිතයි. ( ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන්ගේ මාර්ග සිතියම රූපයේ දැක්වේ.)
නමුත් මීගොමු කලපු සහ මුතුරාජවෙල වගුරු ප්‍රදේශයේ බලධාරින් සහ නිලධාරින් කුරුල්ලන්ගේ වාස භූමි වන කඩොලාන හා වගුරු බිම් විනාශ කරමින් සිටීම සංචාරක කුරුල්ලන්ට ද විශාල තර්ජනයකි. මීගොමුව කලපු ආශ්‍රිතව පවතින ඉතා කුඩා කඩොලාන තීරය විනාශ කිිරිම ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයටද බලපායි. සංචාරක ව්‍යාපාරයෙන් ලාභ ගැනීමට පමණක් වළිකන ගම්පහ දිස්ත්‍රික්කයේ බලලෝභි නායකයින් සංචාරකයින් ආකර්ෂනය වන පරිසරය වනසාලීමට මිස ආරක්ෂා කිරීමට බලය නොයොදයි.
විශේෂයෙන් සංචාරක කුරුල්ලන්ගේ ගමන් මාර්ගය අවහිර වීම නිසා දිවයිනේ දකුණු ප්‍රදේශයේ ඔවුන්ට අභිජනන කලාප අහිමි විම සිදු වේ. මෙම තත්ත්වය වයඹ දිග බටහිර වෙරළ තීරයේ දිනපතාම වැඩිවෙමින් පවති.මේ නිසා පසුගිය වසරවල පැමිණි සමහර සංචාරක කුරුල්ලන්  මීගොමුව අවට ප්‍රදේශවලට දැන් පැමිණෙන්නේ නැත.
මෙම පරිසර විනාශයන් වලක්වා එම සංචාරක කුරුල්ලන් හා ධීවර කර්මාන්තය ද රැක ගැනීම මුදලට හා බලයට නොව රටට ලැදි මීගොමු ජනතාවගේ වගකීමයි.
සංචාරක කුරුල්ලෝ
ලෝකයේ ජෛව විවිධත්වයේ වැදගත් කොටසක් වන්නේ සංචාරක පක්ෂින්ය. ඔවුන්ගේ මෙම වාර්ෂීක සංචාරය සඳහා කිලෝමීටර දහස් ගණනක් දුර ගෙවීමට සිදුවෙනවා. මෙය මිනිසුන්ගේ අනුග්‍රහයත්  විශ්මයත්් ඇද ගැනීමට සමත්වෙනවා. කුරුල්ලන්ගේ සංචාරයට හේතු තවමත් හරිහැටි තේරුම් ගැනීමට නොහැකීයි. සාමාන්‍ය අදහස නම් කුරුල්ලන්ගේ මෙම පර්යටනය (සංචාරය) සිදුවන්නේ කෑම, පැටවුන් බෝ කිරීමට ආරක්ෂිත ස්ථාන සහ සිසිර ඍතුවේ කටුක කාලගුණයෙන්  මිදීම සඳහා මෙසේ ඒමට දැඩි හේතු වෙනවා.
කුරුල්ලන්ගේ මෙම පර්යටනය සිදුවන ගමන්පථය ජානමය ලෙස ස්ථාපිත වී තිඛෙනවා.  එමෙන්ම මෙම ගමන්පථය විවිධාකාරයෙන් වෙනස් විමකට ද ඔවුන් පුරුදු වී සිටිනවා. සංචාරක කුරුල්ලන් නිතරම එකම මාර්ගයෙන් පර්යටනය සිදුකළත් සමහර කුරුල්ලන් වෙනස් මාර්ග වලින් ආපසු යාම සිදුකරනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන්
සෑම වසරකම දහස් ගණනකින් සංචාරක කුරුල්ලන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. නමුත් ඔබ දන්නවාද පර්යටන කුරුල්ලන්  අප අවට සිටින බව සමහරවිට ඔබේ ගෙවත්තේ දැකිය හැකියි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා
‍’ Migraht Watch ‘ නම් වැඩසටහනක් දියත් කර තිඛෙන බව ආචාර්ය කොටගම මහාතා ප්‍රකාශ කරනවා. සමහර සංචාරක කුරුල්ලන්ට ඇතිවන විපත් වලින්
ඛේරී සිටීමට අමතර උපකාර ද ඔවුන්ට අවශ්‍ය වෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන අයව ද මහජනතාව
ද දැනුවත් කිරීමේ වැඩසටහන් මෙම ඵසටර්යඑ උ්එජය මඟින් ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රී ලංකාව කුරුලූ පාරාදීසය ලෙස නම් කීමට හේතු
1  අවුරුද්ද පුරාම උචිත කාලගුණික තත්ත්වයක් පැවතීම
2  උෂ්ණ කාලයට අයත් නිවර්තන දූපතක් වීම.
3 රට පුරාම වනාන්තර වන ලැහැබ් තණ බිම් කලපු විල් හා ඇළ දොළ
4. පහත තෙත් කලාපයේ සහා කඳුකර වර්ෂා වනාන්තර  පැවතීම විශේෂ    වේ.
නගර ගෙවතු ආශි්‍රතව ද  මෙම පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වෙනවා
සංචාරක කාලය
1 උතුරු සිසිර ඍතුවේ දී එනම් ඔක්තෝබර් සිට අප්‍රේයල් දක්වා සංචාරක
පක්ෂින් වැඩියෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන කාලය.
2. කුරුල්ලන් වැඩිපුර නැරඹිය හැකි කාලය වන්නේ පෙබරවාරි සිට මාර්තු දක්වා ය. එයට හේතුව දේශීය කුරුල්ලන්ගේ බිත්තර දමන කාලය ද මෙය වන නිසාය.
කුරුල්ලන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ
උතුරු මැද පළාත (අභ්‍යන්තර ජලාශ)   කන්ඩලව වැව අවට
දකුණු පළාත   සිංහරාජ, යාල,උඩවලව ජාතික උද්‍යානය,බුන්දල,වීරවිල,කල්මැටිය,තිස්සමහාරාමය,දෙබර වැව.
 නැගෙනහිර පළාත
(වෙරළබඩ තැන්න), කුමන,ලාහුගල.
  වයඹ පළාත
විල්පත්තු                

  සබරගමු පළාත 
හොර්ටන්තැන්න ,සිංහරාජ  
   ඌව පළාත (බදුල්ල දිස්ති්‍රක්කය)
හල්දුම්මුල්ල ජාතික උද්‍යානය
දෙවෙනි අඩුම ජනගහනක් ඇති ඌව පළාත මිනිස්   බලපෑම් වලට අඩුවෙන්ම භාජනය වු නොයඳුල් වනාන්තර ප්‍රදේශයකි.  පුත්තලමේ සිට හම්බන්තොට කුමන දක්වා වගුරු කලපු මුහුදු තීරය කුරුල්ලන්  පහසුවෙන් නැරඹිය හැකි ස්ථානයකි. ශී්‍ර ලංකාව දකුණු ආසීයාවේ හොඳම ජෛව විවිධත්වයක් ඇති ප්‍රදෙAශයක් ලෙස හඳුන්වනු ලබනවා.
සංචාරක පක්ෂීන්ගේ මාර්ග පථය
උතුරු ඉන්දීයාව, සයිඛීරීයාව, ස්කැන්ඩිනේවියාව සහ බටහිර යූරෝපය වැනි ප්‍රදේශ සංචාරක කුරුල්ලන්ගේ සුපුරුදු ගමන් මාර්ගයයි (කුරුල්ලන් ප්‍රමාණය 200 ක් පමණ)
දක්ෂිණ ධ්‍රැවයේ සිසිර ඍතුවේදි දකුණු සාගර දූපත් ( ඇන්ටාක්ටික් ප්‍රදේශය ආසන්නව )
මෙතරම් සංචාරක කුරුල්ලන් ශී්‍ර ලංකාවට පැමිණීමට හේතුව.
1) ශී්‍ර ලංකාවේ පිහිටිමේ වැදගත්කම‍.
ඉන්දීය අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා තිබීම.
2) ශ්‍රී ලංකාවේ දේශගුණය.  නිවර්තන උෂ්ණ කලාපීය රටක් වීම.
3) ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණ.  දූපතක් වීම. දූපතින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වියළි කලාපීය වීම. වියළී කාලගුණයක් හා එක් වර්ෂා කාලයක් තිබීම‍. එනම් ඊසාන දිග මෝසම් වැසි ලැබීමයි.( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා
4) ශ්‍රී ලංකාවේ සීතල දේශගුණයක් තිබීම.   ( මධ්‍ය කඳුකර ප්‍රදේශ )


සටහන – ජෙරාඩ් පීටර්
මූලාශ්‍ර 1. අන්තර් ජාලයේ සංචාරක කුරුල්ලන් පිළිබඳ ලිපි ඇසුරිනි