සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් තිබ්බට සුද්දෝ එයිද මෙහෙම පාරවල් යටවෙනව නම් ?

0
428

මිගමුවට විදේශිකයො නොඑන්න බලපාපු ප්‍රධාන හේතුවක් තමයි නගරයේ තියෙන අපිරිසිදු කමයි හොර මැර වංචා දූෂණ වැඩටිකයි.

ඉතින් එහෙම නගරයක් බවට මිගමුව පත්කරපු එකේ වගකිම භාර ගන්නේ.

ණය අරන් සංචාරක කර්මාන්තෙට සල්ලි දාපු විවිධ ක්⁣ෂේත්‍රවල ව්‍යාපාරිකයෝ දැන් අනාථයි.

ඒ හින්ද ජිවිතේයි ව්‍යාපාරෙයි බේරගන්න පහුගිය දවස්වල විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් තිබ්බ පිඹිදෙමු මිගමුව කියල.

අයියෝ පව් ඒ අය එහෙම මාර ට්‍රයි එකක් දෙනකොට එක වැස්සකට යටවෙන පාරවල මේ හෝටල් පරිසරයේ තිබුනොත් සුද්දෝ එයිද?

චාරයක් නැ.කොමසාරිස්ගේ ඉදන් නිලධාරින් බහුතරයක් එයාලගේ හාම්පුතා වෙච්ච දායන් ලංසාව වගේම දූෂිතයෝ ටිකක්.

ඉතින් සම්තින් හම්බවෙනව නම් හෝටල් වලය යන පාරවල් යටවුනත් කමක් නැ සමහරක්ට පෙව්මන්ට් දාගන්න ඉඩ දෙනව.

වැඩේ කියන්නේ මිගමුව නගරය කුණු ගද ගහන දුෂිතයන්ගෙන් පිරුණ එකක් කරපු ලංසවල ප්‍රධාන පුටුවේ තියාගෙනනේ මිගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංවිධාන ටික මිගමුව පුබුදුවන්න යන්නේ .මළ සමයං..කොහොම උනත් දැන් මේ පහත නම් තියෙන හෝටල් වලට යන්න බැ මේ පාරවල් යටවෙන කෙලිය හින්ද.

ඉතින් කව්ද මේවට වගකියන්නේ?

Sea port Hotel
Sherry land
Binnacle Hotel
wind mill Hotel
Lions villa
Dickmon Resort
Gomez Place
Kozy guest House
St.lack lain Hotel
Sayura Spa
Korean Hotel
Rathna villa
Araliya guest House