සජිත් ආණ්ඩු පක්ෂයත් එක්ක යයි…??????

0
69

මීගමුව මහ නගර සභාවේ විපක්ෂයේ දෙවන තැනට වැඩියෙන්ම මනාප පත් දමිළ මන්ත්‍රිවරයා මේ දිනවල ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් හා පවත්වන දැඩි සමිපතාවය හේතු කොට ගෙන ඔහු ආණ්ඩුවත් සමග එක්වේදෝයි යන සැකය දැනට කාලයක පටන් කා අතරත් කථා බහට  ලක්ව තිබුණි.දමිළ ජනයාගේ ප්‍රශ්න වෙනුවෙන් මහ සභාව තුල හඩක් නගන අයුරැ නොපෙනුනද ඔහු ඒ සදහා වෙනත් කෙටි මාවත් සොයමින් සිටින්නේදැයි සැක සහිතය.

ආණ්ඩු පක්ෂයේ දායාන් ලංසා මන්ත්‍රිවරයා පසුගිය දිනක නගර සභා නිලධාරින් හට විනෝද චාරිකාවක් සංවිධානය කර තිබුණි.විපක්ෂය නියෝජනය කරමින් සජිත් මෝගන් මන්ත්‍රිවරයාද ඊට සම්බන්ධ වි තිබුණේ ඔහුගේ මේ කෙටි මාවත් සංකල්පය තවත් ශක්තිමත් කරගැනිමක් ලෙසින් විය හැකිය.

පාසැල් උපකරණ හා සම්බන්ධ  ව්‍යාපාරික කටයුත්තක නියැලි සිටින මන්ත්‍රිවරයාට පසුගිය දිනක මීගමුව මහනගර සභාවේ අනුග්‍රහයෙන් ජනතාව වෙත බෙදා හැරෙන පාසැල් අභ්‍යාස පොත් සදහා  වු වැඩිම මිළ සහිත ටෙන්ඩරය ඉදිරිපත් කරමින් එය ලබාගැනිමට තරම් වාසනාවන්ත විමටද අවස්ථාවක් හිමිව තිබුණි.ඒ විපක්ෂයේද ඇතුළු මන්ත්‍රිවරුන්ගේ ලිඛිත අවසරයක්ද ලබාගෙනය.

ආණ්ඩු පක්ෂයේ සියළු අනීත කටයුතු ගැන මීක් නොකියන සජිත් මන්ත්‍රිවරයාගේ ලගම සිහිනය ආණ්ඩුවට ෂෙට් විමද…