සජිත් ජනපති කරන සටනට අගමැති රනිල් අද සහ හෙට නැගෙනහිර

0
112

ranilඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, බස්නාහිර පළාතේත් ඡන්ද සටනට ප්‍රමුඛත්වය දී ඇති එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සහ හෙට නැගෙනහිර පළාතේ සංචාරය කරයි.

මේ අනුව නොවැම්බර් මස 05 වන අඟහරුවාදා සවස වාලච්චේන එක්සත් ජාතික පෙරමුණු කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කෙරේ. ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා මඩකලපුව සිත්තන්ඩි හිදී මහජන රැස්වීමක් අමතනු ඇත. තවත් ජන රැළි ගණනාවක් චෙන්කලාඩි හි චෙල්වම් ප්‍රිමියර් සිනමාහල අසලද, කලවංචිකුඩි මහජන ක්‍රීඩාංගණයෙහිද, එරාවුර් 03 දුම් රිය පොළ පාරේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය අසලද පැවැත්වෙන අතර එහිදී ජනතාව අමතන අග්‍රාමාත්‍යවරයා විසින් සන්ධ්‍යාවේදී වාලච්චෙන, ඔට්ටමාවඩ්ඩි හි එක්සත් ජාතික පෙරමුණු කාර්යාලය විවෘත කිරීම සිදු කෙරෙයි.
නොවැම්බර් 06 වන බදාදා තවත් උත්සව අවස්ථා ගණනාවකට සහභාගි වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදින දහවල් 12.00 ට සමන්තුරෛ, අබ්දුල් මජිඩ් ශාලාවේදී තරුණ හමුවක් අමතනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා උතුරු පළාතේ සංචාරය කරමින් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවෘතව සලකා බලා ඔහු වෙත ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. එයින් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සංයුක්ත පක්ෂය වන ඉලංකෛ තමිළරසු කච්චි හි සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මහතා පැවසීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යයවරයා මුණගැසීමට පැමිණි ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානයද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here