සජිත් දිනවීමේ සටනට විදෙස්ගත ශ්‍රිලංකිකයෝත් එක්වෙති!

0
129

FB_IMG_1571034598848FB_IMG_1571034590712FB_IMG_1571034571600නොවැම්බර් 16 ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ඉතාලියේ මිලානෝ හි ප්‍රථම ජනහමුව ඔක්තෝබර් 13 ඉරිදා සවස් යාමයේ මිලානෝ නගරයේදී අති සාර්ථක ව පවත්වන ලදී.ශ්‍රීලංකාවේ සිට අජිත් පී.පෙරේරා,නලින් බන්ඩාර ,එස්.එම්.මරික්කාර් ,තිස්ස අත්තනායක යන මැති ඇමතිවරුන් දුරකථන යෙන් සභාව අමතා මේ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජය පිලිබඳව කරුනු දක්වමින් ඒ වෙනුවෙන් විදෙස්ගත ජනයාගේ වගකීම හා යුතුකම පැහැදිලි කරන ලදී.FB_IMG_1571034563711FB_IMG_1571034579025
විශේෂයෙන් ම අවසන් ක්‍රියාන්විතයේදී හිටපු හමුදාපති වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යටතේ රාජකාරි කල යුද හමුදා කපිතාන් වරයෙකු ඊයේ මෙම හමුවට එක්වී සිටි අතර ඔහු මෙතෙක් කලක් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ට සහයෝගය දැක්වූ නමුත් ඔවුන් කරන්නේ බොරුවක් බව වටහා ගත් බවත්,රටේ ආරක්ෂක ඇමතිකම භාරදිය යුතු සුපිරිම සුදුසුකම් සපිරි පුද්ගලයා වන සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඇමතිකම ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බැවින් තමන් ඒ වෙනුවෙන් හංසයා ලකුන දිනවීමට කටයුතු කරන බව දන්වා සිටීම කැපී පෙනුනි.
මිලානෝ පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක්ද සභාව ඇමතූ අතර සංවිධායක යි බලාපොරොත්තු වූවාට වඩා වැඩි ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වීම විශේෂිතවූ කරුනකි.ඉදිරියේදී අපගේ ප්‍රතිවාදීන් හා සජීවී විවෘත සංවාදය ක් කිරීමටද,අනෙකුත් සාමාජිකයින්ද කැටුව තවත් පුලුල් වැඩ සටහන් කීපයක් මගින් අප මව්බිමේ ජනයා ජන්දපොලට යවා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් හංසයා ලකුනට කතිරය යෙදීමට අවැසි ක්‍රියාමාර්ග රැසක් කිරීමට කතිකා කර ගත්හ.මෙය සංවිධානය කල සැමට සාර්ථකත්වයේ ගෞරවය හිමිවිය යුතුය.

සටහන ඡායා-ලෙස්ලි ලෝව්