සජිත් මෝහාන් මන්ත්‍රිට තාමත් ලොකු ඇමති නිමල් ලංසාලු??

0
55
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය

අනේක විධ පිඩාවන්ට පත් මීගමුවේ දමිල ජනයාගේ කරපිටින් නගර සභා දේශපාලනයට පැමිණි මන්ත්‍රිවරයෙක් වෙයි.ඔහු නමින් සජිත් මොහාන්ය.එහෙත් ඔහුගේ පත්විමෙන් පසු ඔහු දිගටම සේවය කළේ වසර ගණනක් පුරා දමිල ජනයාට  අමානුෂික ලෙසින් සැලකු ඇමති නිමල් ලංසාලාගේ පාලනයටය.
මුළු රටේම දමිල ජනයා ආණ්ඩුවට එරෙහිව කටයුතු කරද්දි මීගමුවේ දමිල ඡන්දවලින් දේශපාලනයේ මුල්අකුරු කියැවු සජිත් පසුගිය කාලයේ වැඩියෙන් සමිපව කටයුතු කලේ ඇමති නිමල් ලංසා සමගිනි.
මේ නිසාම සජිත් ලා වැනි මීගමුවේ තවත් මන්ත්‍රිලා පිරිසකට අලුත් නමක්ද පටබැදුනි.
ඒ ලංසා යුඇන්පි යනුවෙනි.
මේ ලංසා යුන්පි කාරයෙකු වු සජිත් මෝහාන් පසුගිය දිනක යළිත් වරක් සිය ඇත්ත ස්වාමියා වු ඇමති නිමල් ලංසා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනි සිටිමේ පුවතක් මිපුරට වාර්තා වේ.
එනම් මීගමුව වැල්ලවිදියේ විජයරත්නම් විදුහලේ හෙට පැවැත්විමට නියමිත ආදි සිසුන්ගේ ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් කව්රුන් ගෙන ආ යුතු දැයි පැවැති සංවාදයකදි සජිත් තදින්ම පෙනි සිට ඇත්තේ ප්‍රධාන ආරාධිතයා විය යුත්තේ අන් කිසිවෙක් නොව නිමල් ලංසාම බව කියමිනි.
මෙහිදි අදහස් පළ කරන ලද අන් අය ඒ වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ගෙන ආ යුතු යැයි කියා සිටියද සජිත් මොහාන්ගේ මනාපය සිය ඇත්ත නායකයා වන ඇමති නිමල් ට රොයිස්ට නොවන බව ඒ සභාවේ සිටි සැමට පසක් විය.
මෙහිදි සජිත් විසින් ඉගිකර ඇති තවත් වැදගත් දෙයක්ද වෙයි.එනම් තවත් මාස 3 කින් රටේ මොකක් වෙයිද දන්නේ නෑ.ඒ හින්ද අපි ඒ ගැනත් සිතිය යුතු බවය.
ඒ කියන්නේ  තවත් මාස 3 කින් ඇමති ලංසාලාගේ පාලනයක් ගැන සජිත්ලා සිහින දකින බවකි.