සජිත් යළිත් සිරිකොතට… !

0
85

sirikothaනව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදුන සජිත් ප්‍රේමදාස සිය මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවනු ලැබුනේ වොක්ස්වොල් විදියේ පිහිටි කාර්යාලයේ සිටය.
ජනපතිවරණය පරාජයට පත්විමෙන් පසු සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායක කමින් ඉවත් වු බව සදහන් කර තිබුණි.
එහෙත් කළම්බු ටෙලිග්‍රාෆ් වෙබ්අඩවියේ කර්තෘ උවිඳු කුලකුලසුරිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබුනේ සජිත් ප්‍රේමදාස මේ ඉල්ලා අස්විම ලිඛිතව ලබා දි නොතිබුණු බවය.
මේ අස්විම පිළිබව මාධ්‍ය විසින් වාර්ථා කිරිමත් සමගින් සජිත් ප්‍රේමදාස හට ඡන්දය දිමට පෙරට පැමිණ දැවැන්ත මැදිහත්විමක් කළ උතුරේ මෙන්ම නැගෙහනහිර සිවිල් ක්‍රියාකාරින් මෙන්ම මාධ්‍යවේදින්ද කියා සිටියේ සජිත් ප්‍රේමදාසගේ මේ ඉල්ලා අස්විම පිළිබදව ඒ පළාත්වල ජනයා අතර ඇත්තේ කළකිරිමක් බවය.
මැතිවරණය පැවැති දිස්ත්‍රික්ක 22 න් සජිත් ප්‍රේමදාස හට ජයගතහැකිව තිබුනේ දිස්ත්‍රික් 6 ක් පමණි. ඉන් 5 ක්ම අයත්ව තිබුනේ උතුරේ සහ නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක වලටය.
6 වැන්න වුයේ නුවරඑළියයි. ්න
මේ අනුව සජිත් ප්‍රේමදාස ජයගත් දිස්ත්‍රික්ක 6 ක නියෝජනය කර තිබුෙන් සුළු ජාතිකයන්ය.
කෙසේ වෙතත් නොවැම්බර් 21 ( හෙට )වෙනිදා සජිත් ප්‍රේමදාස සිය ආධාරකරුවන් සිරිකොතට  කැදවා තිබේ.ඒ සිය ඉදිරි දේශපාලනය ගැන ක්‍රියාකාරින් දැනුවත් කිරිමට බවද වාර්ථා වේ.