සජිත්ගේ ජනපති සටනට මීගමුවෙන් දුර්වල ආරම්භයක් !

0
141

Screenshot from 2019-09-28 13-14-54රටපුරා දැවැන්ත ජවයක් පෙරටුකොට ගෙන ඉදිරියට ඇදෙමින් ඇති එජාප ජනපති සටන මිගමුවේදි මේ වන විට අර්බුදයකට ලක්ව ඇත්තේ මිගමුවට අලුතින් පත්කරන ලද සංවිධායකවරයා හා නාගරික මන්ත්‍රිවරුන් අතර ඇතිව තිබෙන ආරවුල හේතුවෙනි.
19 දෙනෙකුගෙන් යුත් මිගමුව නාගරික මන්ත්‍රි මණ්ඩලයෙන් අද මිගමුවේ පැවැති කිරිබත් කෑමේ උත්සවයට පැමිණ තිබුනේ මීගමුව සංවිධායක කාවින්ද ජයවර්ධනත සමගින් සිටින මන්ත්‍රිවරුන් ඉතාමත් සුළු පිරිසක් පමණි.
මේ අතර අද  මිගමුවේ නගරයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයපතා පැවැති උත්සවය ගැන සාකච්ජා කරගැනිම සදහා ඊයේ මිගමුව පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයේදි ආසන සංවිධායකවරයා විසින් කළමණාකරුට බැනවැදිම මේ අර්බුදයේ තරම පෙන්වා සිටි අතර අද මිගමුවේ නගර මධ්‍යයේ  පැවැති උත්සවයට නාගරික මන්ත්‍රිවරුන්ගේ අඩුසහභාගිත්වය පෙන්වා සිටින්නේ මිගමුවේ ජන්ද සටන ශක්තිමත් ලෙසින් සම්න්ධිකරණය කිරිමට ඇති අපහසුය.
2015 ජනපති සටනේදි ගම්පහ දිස්ත්‍රික්කයම දිනවිමට තරම් ජවසම්පන්න ජයක් අත්කර දුන් මිගමුව තුල මේ මතුව ඇති අර්බුදය ඉක්මනින් විසදා ලිමට පක්ෂනායකයන් විසින් වහා මැදිහත්විය යුතුව ඇත්තේ එය ගම්පහ දිස්ත්‍රික් ප්‍රථිවලට බරපතල බලබෑමක් විය හැකිව ඇති බැවිනි.
මේ සම්බන්ධයෙන් මිපුරට අදහස් දැක්වු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ කාවින්දට ලංව සිටින ඇතැම් වාචාලයන් මිගමුවේ පක්ෂය සමගිය බෙදිමට තිරාණාත්මක බලපා ඇති බවය.