සජිත්ගේ පන්සිල් පද පහ සහ සුජිවගේ පන්සිල් පද තුන ?

0
142

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු පන්සිල් පද පහ රකින, හොරකම වංචාව සහ දූෂණය නොමැති නායකයෙක් බව සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර තිබුනේ ඊයේ (18) පස්වරුවේ පැවති සමඟි ජන බලවේගයේ රුවන්වැල්ලේ ජන රැළිය අමතමින් බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය අද වාර්තා කර තිබේ

ඔහු වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත

“සජිත් ප්‍රේමදාස කියන්නේ අපේ හාමුදුරුවනේ පන්සිල් පද පහම රකින නායකයෙක්. මගෙන් නම් පහම රැකෙන්නේ නෑ. සමාවෙන්න එහෙන් මෙහෙන් දෙකක් මිස් වෙනවා.හැබැයි සජිත් ප්‍රේමදාස මිනී මරලා නෑ. හොරකම් කරලා නෑ. මංකොල්ල කාලා නෑ. වෙඩි තියලා නෑ. බෝම්බ ගහලා නෑ…

මේ දක්ෂ කණ්ඩායමක් ඉන්නේ සජිත් මහත්තයක් එක්ක. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආයෝජන සමුළු මේවා සියල්ලම කරන්න පුලුවන් හොරකම් කරන්නේ නැත්තම්. පගා ගහන්නේ නැත්තම්. කොමිස් ගහන්නේ නැත්තම් මේ රට දියුණු කරන්න පුලුවන් කණ්ඩායමක් අපිට ඉන්නව.”

මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශවය වෙත එක්ව සිටින ඇතැම් දේශපාලකයන් ගැන තතු දන්නා අය ඒ පිරිස ගැන බරපතල විවේචන දැනමටත් එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

විශේෂයෙන්ම වියත් මගෙන් පැමිණ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු වු නාලක ගොඩහේවා පිළිබදව විශේෂයෙන්ම  මිගමුවේ ධිවර ප්‍රජාව වෙත ඇත්තේ බරපතල විවේචනයකි.ගිනිගත් නැව නිසා සිදුව වෙරළ පරිසර හානිය සම්බන්ධයෙන් නිසි මැදිහත් විමක් නොකර කිසිදු පදනමක් නැති ප්‍රකාශ ධිවර ප්‍රජාවට එරෙහිව ලබා දිම මෙම විවේචන වලට හේතුවි තිබුණි.

ඇති තතු නොදැන රැල්ල නිසා ගම්පහ වැඩිම මනාපයෙන් පත්කරගත් නාලක වැනි දේශපාලන චරිත කල් ඉකුත් වු භාණ්ඩ ගණයට වැටෙන්නට ගියේ ඉතාමත් කෙටි කාලයක් බව නම සදහන් කිරිමට අකමැති වු ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවෙිදියෙකු මිපුරට කියා සිටියේය