සණස බැංකුවෙන් ලක්ෂ ගණනක් වංචා කළ කළමණාකාරවරිය අත්අඩංගුවට

0
67

මීගමුව නිවන්දම සණස සමිතියේ අසූහය ලක්ෂ පනස් එක්දාස් හත්සියයයක්  සොරකම් කිරීම සම්බන්ධයෙන්  එම සමිතියේ කළමණාකාරවරියක් අත්අඩංගුවට ගෙන  ඇයව ලබන මස  25 දක්වා රිමාන්ඩ් කර ඇත. මෙම නියෝගය මීගමුව මහේස්ත්‍රාත් එ.එම්.පී අමරසිංහ මහතා විසින් ලබාදී ඇත.  මෙම කළමණාකාරවරිය මෙම සණස බැංකුවේ වසර 20ක් පමණ සේවය කර ඇති අතර වංචා කර ඇත්තේ එම බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් සහ උගස්කර ඇති රණ්භාන්ඩ බවද වාර්තා වේ.  2008 -09-10 සිට 2013 -05-13 වෙනිදා අතර කාලයේදී මෙම වංචාව සිදුකර තිබේ.

mmරේමන්ඩ් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here