සත්ව සුභසාධනය විෂය නිර්දේශයට…

0
108

සිංගප්පූරැවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් එරට ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හදාරන සිසුන්ගේ විෂය නිර්දේශයට “සත්ව සුභසාධනය” නම් විෂයක් හඳුන්වා දීමට කටයුතු කර‍ තිබෙනවා.
සත්ව හිංසනයට විරැද්ධ සංවිධාන විසින් මෙම තීරණය දැඩි පැසපසුමට ලක් කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙම තීරණය තරැණ දරැවන්ට ගෞරවනීයව ජීවත් වෙන්නට ,වගකීම් සහගත පුරවැසියන් වන්නට ,මෙන්ම සතුන්ටත් මිනිසුන්ටත් කරැණාව දක්වන්නට ඔවුන් පුරැදු කිරීම මහඟු අත්වැලක් වන බවයි.
මෙවැනි තීරණයක් ඔවුන් කාලයක සිට බලාපොරොත්තු වූ බවත් පවසනවා.

එලෙසම ෆේස්බුක් (Facebook) වෙබ් අඩවියට තම අදහස් ඉදිරිපත් කරන්නන් මේ සම්බන්දව දරන්නේ මෙවන් අදහසක්.
තම දරැවන්ගේ අධ්‍යාපනික අංශය වැඩි දියුණු වෙනවා මෙන්ම මෙලෙස දරැවන්ට පණ ඇති දෙවල් වලට ආදරය කරන්නට ඉගැන්වීමත් ඔවුන් දැඩි ලෙස අගය කරනවා.මෙලෙස සතුන්ට ආදරය කරන්නට ඉගැන්වීම ඉදිරියේදී මුළු පොළවටම ආදරය කරන්නට ඉගැන්වීමේ ඉදිරි පියවරක් ලෙසයි ඔවුන් හදුන්වන්නේ.

ග්ලෝබල් වොයිස් ඇසුරෙනි-
සටහන- මිතිලායා ගමගේ